ඔබ අහසයි ඔබ පොලවයි චන්ද්‍රානියණි

ඇය දැයට හිමි වූ අමරණීය හඬකි. ඇය දැයට හිමි වූ සුභාවිතයකට නොසැළෙන හැඩයක් හැදුවාය. හඬ මිහිරාවියක් මෙන්ම ආකර්ෂණිය රූප සොභාවකට ද හිමි කම් කියමින් රංගවේදිනියක් වූ මැය නමින් චන්ද්‍රානි ගුණවර්ධන නම් වූවාය.

"මල් කෙල්ලක් මං" ... අදටත් ප්‍රසිද්ධ මේ ගීතය සමඟ ඇයගේ ජිවිත කතාවේ ඇය විසින් ගායනා කළ ගීත සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැක. කුඩා කාලයේ සිටම ගීත ගායනයට බෙහෙවින්ම දක්සම් පෑ ඇයගේ පියාටද ගීත ගැයීමේ හැකියාව තිබු නිසා නිරන්තරයෙන් ඔවුන්ගේ නිවසේ නිවැසියන් එකතු වී ගීත ගැයීමේ පුරුද්දක් තිබුණු බව විටෙක ඇය සමඟ යෙදුණු පිළිසදරකදී ඇය පැවසූ අයුරු මගේ මතකයේ වේ. 

පුංචි සංදියේ අහුවෙන හැම ගීතයක්ම ගයන ඇයගේ සගයා ලෙස කුඩා බංකුවක් ඇය සතු විය. සාලයේ හෝ වේවා, කුස්සියේ හෝ වේවා ඇය ගයන්නේ කුමන ස්ථානයේද ඇය තම සගයා වූ බංකුව රැගෙන ගොස් එහි නැග ගීත ගායනා කරන්නට පුරුදුව සිටියාය. ඒ බංකුව වේදිකාවක් යැයි සිතමිනි. මෙලෙස පුංචි චන්ද්‍රානිය ගීත ගයන විට නිවැසියන් අනිවාර්යෙන් ඇයගේ ගීතයට ශ්‍රවණය කරමින් අත්පොළොසන් ලබා දීම අනිවාර්යෙන් කළ යුතුය. එවන් මිහිරි කුඩා කාලයක් හිමි වූ ඇයට, ඇයගේ නැන්දණියක් විසින් ගුවන් විදුලි සේවය යොමු කරන අයදුම්පතක් හමුවේ ළමා ගායිකාවක් ලෙසින් ඇගේ කළා ගමන ආරම්භ විය.

ඒ ගමනේදී ඇයට හිමි වූ රූපය නිසාම වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙසින් ද රංගනයට සිය දායකත්වය ලබා දුන් ඈ, රාමායනයේ සීතා නම් වූවාය. එමෙන්ම බොලිවුඩයෙන් ඇයට රංගනයට ද ආරාධනද හිමි වී තිබිණි. එවන් සුන්දර කතා බොහොමයක් ඇය සතු වෙද්දී උපන්දිනය යෙදී තිබුණ ඊයේ දිනයේදීම ඇය මෙලොවින් සමු ගත්තේ ශ්‍රී ලාංකීය කලාවේ අමරණිය සලකුණක් තබමිනි.

හමුවූවන් අතර සොදුරු මතකයන් සැදු,ජනාදර කලාකාරියනි ඔබට නිවන් සුව ලැබේවා !

  • අශන්ති වරුණසූරිය

2025  වසරේ මාර්ග අනතුරු වලින්  2700ක් මරුට Read Previous

2025 වසරේ මාර්ග අනතුරු වලින් 2700ක් මරුට

ඇගයුම ඇගයුමට Read Next

ඇගයුම ඇගයුමට

Realted Post

Leave a comment