කලාකරුවන්ට සාමවිනිසුරු පත්වීම් ප්‍රධානෝත්සවය

අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව ගෞරවනීය වෘත්තියන්හි නියැලෙන්නන් වෙත සාම විනිසුරු පදවි ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මෙරට ප්‍රකට කලාකරුවන් වෙත සාමවිනිසුරු පදවි පිරිනැමීමේ උත්සවයක් පසුගිය දා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සාමවිනිසුරු පදවියේ කීර්තිය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කලහැකි සමාජ සේවාවන් වල නිරත වෘත්තිකයන් වෙත එහි පදවි ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති අතර දහම්පාසැල් ගුරුවරුන්, ග්‍රාමසේවා නිලධාරීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයන්ට සාමවිනිසුරු පත්වීම් අධිරකණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අධිකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් ලබාදී ඇත.

කලා ක්ෂේත්‍රයේ වසර ගණනාවක් සේවය කල මෙරට කෘතහස්ත කලාකරුවන්ට මුළු දිවයිනටම බලපාන ලරිදි සාමවිනිසුරු පත්වීම් ලබදීම අධියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම මස 10වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී අධිකරණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට මෙරට කීර්තිමත් කලාකරුවන් රුසක් සහභාගී වීමට නියමිතය.

සිහින ගමනාන්තය Read Previous

සිහින ගමනාන්තය

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ Read Next

අලුතෙන් ආපු ProFood ProPack සහ AgBiz 2026 නිෂ්පාදන පෙළ

Realted Post

Leave a comment