කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයක්

"මෑත භාගයේ දී කාන්තාවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. එලෙස නැවත අවදානමට ලක්වන්නේ අපේ දරුවන්, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නිසා ගර්භනී මව්වරුන් වෙත ඇතිවන සංකූලතා අපට පියවන්න බෑ. එම නිසා මුදවා ගැනීමේ ක්‍රියාවලිය මව්වරුන්, කාන්තාවන් විශේෂයෙන් දැනුවත් කරලා නවයොවුන් වියේ ඉන්න තරුණ දූවරුන්ගෙන් ආරම්භ කරන්න ඕනි කියන එක අපි හිතනවා"

" පාක්ෂිකයා වෙනුවෙන් නොවෙයි රට වැසියා වෙනුවෙන් තීරණ ගන්නා සමාජයක් අපි නිර්මාණය කරනවා"

 - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් -

අද (23) දින “ගර්භණී මාතා හරසර” නමින් ගැබිණි මව් වරුන් උදෙසා මානසික සුවතා වැඩසටහනක් සහ දරු ප්‍රසූතියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටල පිරිනැමීමක් කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

කැස්බෑව නගර සභාවේ ගරු සභාපති චාමර මද්දුම කලුගේ මහතාගේ සංකල්පයක් පරිදි නගර සභා අරමුදල් මගින් නගර සභා සීමාව තුළ පදිංචි  මව්වරුන් 80 දෙනෙකු වෙනුවෙන් මෙහිදී ප්‍රතිලාභ ප්‍රදානය සිදුවිය.

වැඩසටහන ආරම්යේදීම මව්වරුන් සඳහා සුවපත් දරු උපතක් ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනයක් සිදු කළ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චමින්ද හුණුකුඹුර මහතා විසින් ගර්භනී සමය හා පූර්ව සූදානම පිළිබඳ මවුවරුන් දැනුවත් කිරීමද සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහභාගී වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, කැස්බෑව නගර සභාවේ ගරු සභාපති චාමර මද්දුම කලුගේ මහතා, උප සභාපති නීතීඥ මනෝද්‍යා ගල්පායගේ මහත්මිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහතා, පක්ෂ විපක්ෂ නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රීවරුන්, කැස්බෑව නගර සභාවේ ලේකම් ප්‍රමඛ කාර්ය මණ්ඩලය, වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මව්වරුන්, පියවරුන් එක්ව සිටියහ.

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Previous

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment