කොළඹ පුරපති තෝරන ඡන්දයට දින නියම වෙයි.

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා වන ඡන්ද විමසීම ලබන මස එනම්, ජූනි 02 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

මෙම ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබයි. මෙසේ පුරපති හා නියෝජ්‍ය පුරපති ධූරයන් ද්විත්වය සඳහා සුදුස්සන් ඡන්දයෙන් තෝරා ගැනීමට සිදුව ඇත්තේ තනි පක්ෂයක් සියයට පනහකට වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන නැති හෙයිනුයි.

මෙම ඡන්ද විමසීමේ දී සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාවක් පවතියි. 

කොළඹ නගර සභාවට වැඩි සභිකයින් සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂය පැත්තෙන් ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 48ක් ද, සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් සභිකයෝ 69 දෙනෙක් ද, තේරී පත් වූහ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ පාලන බලය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් දැඩි තරඟයක නිරත වී සිටියි.


සහශ්‍රිකා දයානන්ද

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment