ගංජා සමග දෙකක් දැලේ

යුද්ධ හමුදා බුද්ධි අංශය සහ රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ හලාවත ප්‍රදේශයේ ඊයේ (26) වන දින සිදුකල වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. 

එම වැටලීමේදී සොයා ගත් කේරළ ගංජා ප්‍රමණය කිලෝග්‍රෑම්  25 ග්‍රෑම් 230ක් බවයි වාර්තා වන්නේ. 

සැකකරුවන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු හලාවත පොලිසිය මඟින් සිදුකිරීමට නියමිතයි. 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment