ගංජා සමග දෙකක් දැලේ

යුද්ධ හමුදා බුද්ධි අංශය සහ රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුව යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ හලාවත ප්‍රදේශයේ ඊයේ (26) වන දින සිදුකල වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. 

එම වැටලීමේදී සොයා ගත් කේරළ ගංජා ප්‍රමණය කිලෝග්‍රෑම්  25 ග්‍රෑම් 230ක් බවයි වාර්තා වන්නේ. 

සැකකරුවන් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු හලාවත පොලිසිය මඟින් සිදුකිරීමට නියමිතයි. 

ගෑස්ට්‍රයිටීස් මට්ටු කරන්න කැමති ඔයාට Read Previous

ගෑස්ට්‍රයිටීස් මට්ටු කරන්න කැමති ඔයාට

ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර Read Next

ගර්භනී දියවැඩියාව පාලනයට සුදුසු ආහාර

Realted Post

Leave a comment