ගෙදරදීම සිංහලෙන් Type කරන්න පුරුදු වෙමුද?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නමයි සිංහල ටයිප් කරන්න තියෙන ගැටලුව.

ඉතින් ඒකට ලේසියෙන්ම නිකරුණේ මුදල් වියදම් නොකරල තමන්ට ඕනි දෙයක් ලේසියෙන්ම ටයිප් කරගන්න පුළුවන් ඇප් එකක් ගැන අද අපි බලමු.

ගූගල් ට්‍රාන්ස්ලට් (Google Translate ) විදිහට හදුන්වන මේ ඇප් එක ගොඩක් අය යොදා ගන්නේ තමන් දන්නෙ නැති වචන වල තේරුම් හොයාගන්න.

ඒත් මේකෙන් ලේසියෙන්ම සිංහල ටයිප් කරගන්න පුළුවන් මුලින්ම සිංහල තෝරලා ට්‍රාස්ලේට් කරගන්න කැමති භාෂාවට කැමති ඕනීම භාෂාවක් සිලෙක්ට් කරගන්න.

පහලින් තියෙන ඔප්ෂන් වලින් (Select input Tool) සිංහල කී බෝඩ් එකක් එකතු කරගන්නත් පුළුවන්.

මෙයින් ලබා දෙන හෑන්ඩ් රයිට් ඔප්ෂන් එකෙන් අමාරු වචන ටයිප් නොකර අතින් අදින්නත් පුළුවන්..

ඒවගේම මෙයින් ඔබට පහසුවෙන් වචන කියවීමෙන් ඒවා ටයිප් කරගන්නත් පුළුවන්.

අවසානයේ ඔබට තියෙන්නෙ ටයිප් කරගත්තු වචන ඔබට අවශ්‍ය පරිදි නෝට් පෑඩ් එකට කෝපි කරගන්න පමණයි.

මෙය ඔබේ දුරකථනට ඇප් එකක් විදිහටත් පරිගණකයෙන් නම් ගූගල් අකවුන්ට එක හරහාත් ලබා ගන්න පුළුවන්.

Microsoft Office Package එකක් භාවිතා කරන කෙනෙකුට අවශ්‍ය පරිදි කොපි කරගෙන PDF විදිහට සකස් කරගෙන දෘඩ කොපියක් ලබා ගන්නත් පුළුවන්.

 

උපදෙස්  - ඉරුදානි සේනාධීර 
පරිගණක විද්යා හා මෘදුකාංග ඉන්ජිනේරු 

කළමනාකරණ සේවයේ නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය Read Previous

කළමනාකරණ සේවයේ නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය

කළමනාකරණ සේවයේ නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය Read Next

කළමනාකරණ සේවයේ නව නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය

Realted Post

Leave a comment