ජාතිය ගොඩනැගීමේ කටයුතු නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාධිපති ත්‍රිකුණාමලයට

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල හානි සිදු වූ අතර, යුද්ධ හමුදා භට පිරිස් විසින් අවතැන් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් අනතුරුව සහන සැලසීමේ කටයුතු සමග ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබයි.

ඒ අනුව, යුද්ධ හමුදා සහාය ඇතිව සිදු කරනු ලබන ජාතිය ගොඩනැගීමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ 2025 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙහිදී, යුද්ධ හමුදාධිපති නීලපොළ ප්‍රදේශයේ යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරනු ලබන මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ද නිරීක්ෂණය කළ අතර යුද්ධ හමුදාවේ වෘත්තීයභාවය සහ කැපවීම තුළින් ඉහළම ප්‍රමිතීන්ගෙන් යුතුව මෙම සංවර්ධන වැඩසටහන් ඉටු කරන ලෙස උපදෙස් ලබා දීම සිදු කරනු ලැබීය.

ආදරණීය බැඳීමක සුන්දරත්වය Read Previous

ආදරණීය බැඳීමක සුන්දරත්වය

ආදරණීය බැඳීමක සුන්දරත්වය Read Next

ආදරණීය බැඳීමක සුන්දරත්වය

Realted Post

Leave a comment