තාල පැටලුණු ජීවිත

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණී අබේවික්‍රම මහතා විසින් රචනා කරන ලද ‘තාල පැටලුණු ජීවිත’ කවි අතර ගීත නිර්මාණ සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය නොවැම්බර් 04 වැනිදා පස්වරු 1.30ට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වීර කැප්පෙටිපොළ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය ප්‍රවීණ ලේඛක හා කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා විසින් සිදු කිරීමට නියමිත අතර, ගාමිණී අබේවික්‍රම මහතා විසින් රචනා කරන ලද ගීත කිහිපයක් ද එහිදී ගායනා කිරීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

ඒ අනුව විශාරද උදය තිලකරත්න, අනුරාධා වික්‍රමනායක, ප්‍රදීප් පුරිජ්ජල ඇතුළු ගායක ගායිකාවන් විසින් එම ගීත ගායනා කරනු ඇත.

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු දේශපාලන නායකත්වය, මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මාතලේ ප්‍රදේශයේ ලේඛක ලේඛිකාවන් මෙන්ම සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයේ සහෘදයන් රැසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

උත්සවයේ නිවේදන හා පූරක කටයුතු නිශාන්ති නිරෝෂනී මහත්මිය විසින් සිදු කරනු ලබයි.

සාහිත්‍යය හා සංගීතය එකට මුසු කරමින් පාඨක සහෘදයන් වෙත සමීප වන මෙම කෘතිය එළිදැක්වීම මාතලේ සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයට වැදගත් අවස්ථාවක් වනු ඇත.

HUTCH සහ Browns EV විදුලි වාහන මිලදී ගැනීමට Loyalty වැඩසටහනක් Read Previous

HUTCH සහ Browns EV විදුලි වාහන මිලදී ගැනීමට Loyalty වැඩසටහනක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය Read Next

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය

Realted Post

Leave a comment