දෑතින් ගී ගයන සිරිකොත පොසොන් මංගල්‍යය

ශ්‍රවණාබාධිත  වූවන් විසින් සංඥා භාෂාව  උපයෝගී කරගනිමින්,පවත්වනු ලබන භක්ති ගීත ප්‍රසංගයක් පොසොන් පොහොය මුල්කරගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ  සිරිකොත පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට,කටයුතු සූදානම් කර ඇත.

එක්සත් ජාතික විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ සංසදය විසින් එය ඉදිරිපත් කරන අතර  ඊට අමතරව සුප්‍රියා අබේසේකර, දයාන් විතාරණ, රුක්මන් අසිත ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් මෙම ප්‍රසංගයට සහභාගි වීමට නියමිතය.

මෙම පොසොන් පොහෝ දින වැඩසටහන වෙනුවෙන් උදෑසන ධර්ම දේශනය සහ රාත්‍රී  බත් දන්සලක්  පැවැත්වීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත  රංගේ බණ්ඩාර මහතා ඇතුළු සිරිකොත නිලධාරී මණ්ඩලය,එක්සත් ජාතික පක්ෂයේ  කලා සංසදය ,එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කමිටුව ඇතුළු පාක්ෂිකයින්ගේ දායකත්වය මත මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment