නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය සිමාවන්ට යටත්ව විවෘත්ත කෙරේ

දිට්වා සුලි කුණාටුවෙන් පසු ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය දැඩි සිමාවන්ට යටත්ව  දෙස් විදෙස් සංචාරකයින් සදහා විවෘත කළ බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මදනායක මහතා පැවසිය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විම කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි මෙම තිරණයට එළඹුණි.

රිවස්ටන් පිවිසුම් මාර්ගය සැහැල්ලු වාහන සදහා පමණක් යළි විවෘත කිරිමට තිරණය කළ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් එල්ලවු දැවැන්ත අභියෝගයකින් පසු මාර්ග සංවර්ධන අධිකාරිය යුධ හමුදාව අනෙකුත් සියලු රාජ්‍ය ආයතන සහ ප්‍රදේශයේ සංචාරක සේවා සපයන්නන්ගේ සාමුහික කැපවිම සහ සම්බන්ධීකරණ උත්සහය හේතුවෙන් කෙටි කාලයක් තුළ රිවස්ටන් සංචාරක කලාපය මෙලෙස යළි සක්‍රිය කිරිමට හැකිවු බවද දිසාපතිවරයා පැවසිය.

සැහැල්ලු වාහන සදහා පමණක් සිදුවන මෙම සිමාසහිත විවෘත තිරිම තාක්ෂණික ඇගයිම් සහ පාරසරික කරුණු මත පදනම්ව ගනු ලැබු පුර්වආරක්ෂණ පියවරක් වනඅ තර එය නැවත දැනුම් දෙන තුරු බලාත්මකවේ. 

සංචාරකයින්ගේ ආරක්ෂාව, රථවාහන තදබදය පාලනය කිරිම සහ ප්‍රදේශයේ මගි ප්‍රවාහන බස් රථ හැරුණූ විට අනෙකුත් බර වාහන සහ දොර දෙක සහිත විශාල බස් රථ සිමා කිරිමට මෙහිදි තිරණය කළ බවද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

අති සංවේදි ලෝක උරුම කලාපය වෙත පිවිසෙන සියලු සංචාරකයින් වගකිම් සහිතව කටයුතු කරන ලෙසත් රථවාහන රිති සහ ස්ථානිය උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටින බවත් රිවස්ටන් සොබාදහම් පදනම් කරගත් සංචාරක ගමනාන්තයක් ලෙස තිරසරව පවත්වා ගැනිම සදහා වගකිම් සහිතව සංචාරක හැසිරිම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන දිසාපතිවරයා කලාපයේ තිරිසර සංචාරක ජිවනෝපායන්ට සහය වෙමින් ප්‍රජාව සහ සොබාදහම යන දෙයඅංශයම සුරැකිම පොදු අරමුණූ ඇතිව විශේෂඥ නිර්දේශයන්ට අනුකුලව ඉදිරි තිරණ ගන්නා බවද මදනායක මහතා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි Read Previous

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි Read Next

නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි

Realted Post

Leave a comment