නිරෝෂාගේ “රතුරෝස හැන්දෑව” ප්‍රථම වතාවට ඉතාලියට

නව පරපුරේ අති දක්ෂ ගේය පද රචීකාවියක් ලෙස ගී පද රැසකට හිම්කම් කියන නිරෝෂා නිරංජනී ගේය පද රචිකාවිය  විසින් නිර්මාණ දායකත්වය ලබාදෙම්න් සිදු කෙරෙන “රතු රෝස හැන්දෑව” ප්‍රසංග මාලාවේ සාර්ථක දෙවෙනි ප්‍රසංගය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. 

එය පැවැත්වෙන්නේ නොවැම්බර් 30 වන දින සවස 3.30ට ඉතාලියේ ෆිරෙන්සෙ නගරයේදීය. 

මෙම ප්‍රසංගයේදී නිරෝෂා නිරංජනී විසින් රචනා කරන ලද නවතම සුන්දර ගී රැසක් ඉතාලියේ සිට්න ගායන හැකියාව ඇති ගායක ගායිකාවන් පිරිසක් විසින් ගායනා කරනු ලබයි.

  ඉතාලියේ ගයාන් ප්‍රමුඛ SPEED සංගීත කණ්ඩායම ව්සින් “රතුරෝස හැන්දෑව”ප්‍රසංගය සංගීතවත් කරනු ලබනවා.

ඉතාලියේ ප්‍රථම වතාවට පැවැත්වෙන “රතුරෝස හැන්දෑව” ප්‍රසංගය සාර්ථක කරගැනීම සදහා ඉතාලියේ ෆිරෙන්සෙ නගරයේ පදිංචි ලසිත මාතරආරච්චී සහ ශ්‍රියානි මාතරආරච්චී යුවල ව්සින් ප්‍රධාන අනුග්‍රහය ලබා දී තිබෙනවා.

ඉතාලියේ සිට්න ගීතයට ආදරය කරන රසික රසිකාව්යන් සැමට නොවැම්බර් 30 දින සවස 3.30 ට ඉතාලියේ ෆිරෙන්සෙ නගරයේ පැවැත්වෙන “රතුරෝස හැන්දෑව” ප්‍රසංගය නරඹන්නට පැමිණෙන ලෙස නිරෝෂා නිරංජනී ගී පද රචිකාවිය විසින්  ආරාධනා කර සිටිනවා. 

පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි Read Previous

පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක් Read Next

කිකිළියකගේ සිරුරේ කොළ පැහැ වර්ණ ගන්වා ’’දුර්ලභ ගිරවෙකු’’ ලෙස විකිණීමට තැත් කළ අමුතු පුවතක්

Realted Post

Leave a comment