නිළි රැජිණියගේ අවසන් කටයුතු අද

1947 අප්‍රේල් මාසයේ  වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් කැලණියේ දී උපත ලද ඇය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරියෙන් සමු ගත්තා.

අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26වැනි දින එනම්, අද දින පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී  රාජ්‍ය අනුග්‍රහය ද සහිතවයි.

හෙළ සිනමාවේ අද්විතීය මතක රැසක හිමිකාරිය වන ඇයගේ නිසල දේහය අද උදෑසන නිදහස් චතුරස්‍ර මන්දිරයේ මහජන ගෞරවය සඳහා රැගෙන එනු ලැබීය.

"හෙළ සිනමාවේ නිළි රැජිණ" යන විරුදයෙන් සිනමා ලෝකය එළි කළ ඒ ප්‍රවීණ රංගන ශිල්පිණියගේ අඩුව පිරවීමට නැවත කෙනෙක් බිහිවේවි දෝ සැකයක් ඇත.

අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසු වූ මාලනී ෆොන්සේකා අද දින ඉරබට සැඳෑවේ දී සදහට ම අපෙන් වෙන් වී යනු ඇත.


සහශ්‍රිකා දයානන්ද

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment