නොවැ.01වනදා සිට බස් රථවල මගීන්ට ප්‍රවේශපත් අනිවාර්යයි

මධ්‍යම පලාත තුල ධාවනය වන මධ්‍යම පලාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහණ සේවා අධිකාරියේ අනුමත  ප්‍රවාහණ සේවා බලපත්‍ර ලත් පුද්ගලික බස් රථ වල ගමන් ගන්නා මගීන් වෙත ඔවුන් ගෙවන මුදලට ප්‍රවේශපත්  අනිවාර්ය කිරීම  2026 නොවැම්බර්  මස  01  වන  දින  සිට ක්‍රීයාත්මක  බව මධ්‍යම පලාත්  සභාවේ මාර්ගස්ථ  මගී ප්‍රවාහණ සේවා අධිකාරියේ  සභාපති  අජිත්  ප්‍රියන්ත මහතා  පවසයි,

මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී,අධිකාරියේ සියලුම නිලධාරින් සහ ජංගම  මාර්ග පරීක්ෂක නිලධාරින්  සහභාගි වූ විශේෂ රැස්වීමකදී  ප්‍රවාහණ අධිකාරියේ සභාපති වරයා මේ පිළිබඳව අනාවරණය කළේය,

මධ්‍යම පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරිය⁣ට  පැවරී ඇති බලතල   අනුව ප්‍රවේශ පත් නොගෙන  බස්රථවල  ගමන් කරන මගීන්ටද නීතීමය පියවර ගැනීම  ඉදිරියේදී  සිදු කිරීමට සැලසුම් කර ඇතැයි සභාපති වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම විශේෂ  සාකච්ඡාවට මාර්ගස්ථ  මගී ප්‍රවාහණ අධිකාරියේ සියලුම ජේය්‍ය්ෂ්ඨ  නිලධාරින් ,ජංගම මාර්ග පරීක්ෂක අංශයේ  නිලධාරින්  ඇතුලු පිරිසක්  සහභාගි  වූහ.

ජේ   ඒ   එල්   ජයසිංහ

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක් Read Previous

මාලදිවයිනේ හදන කිරිබත නාසි ලෙමක්

First Energy සමාගමට සම්මාන දෙකක් Read Next

First Energy සමාගමට සම්මාන දෙකක්

Realted Post

Leave a comment