පූජනීය නගරයේ වැටලූ ගජමුතු ජාවාරම
රුපියල් කෝටි නමයක මුදලකට හස්ති ගජමුතු 10ක් විකිණීම සඳහා අනුරාධපුර පූජනීය නගරයට මෝටර් රියකින් පැමිණි තංගල්ල අම්පාර සහ අඟුණකොලපැලැස්ස යන ප්‍රදේශවල පදිංචි තරුණයන් තිදෙනෙක් පොලිස් බුද්ධි තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
උපාය දූතයෙකු යොදවා මෙම ගජමුතු ජාවාරම්කරුවන් සමග ඔවුන් සතුව තිබූ ගජමුතු 10 ක් සහ මෝටර් රියද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලිස් මූලස්ථානය සැකකරුවන් සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
ජේ.ඒ.එල් ජයසිංහ

Leave a comment