පාපැදි තරගවල ඉදිරියෙන්ම සිටින බන්දුල

බොහෝ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සමස්ත ලංකා පාපැදි තරග සඳහා මෙන්ම මධ්‍යම පළාත් පාපැදි තරග සඳහා ද දීර්ඝ කාලයක් තිස්සේ සහභාගි වෙමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත් බන්දුල ජයවර්ධන මහතා,පා පැදි තරග සඳහාදැනට සහභාගී වන අතළොස්සක් දෙනා අතරින් ඉදිරියෙන්ම සිටින දක්ෂ ක්‍රීඩකයෙකු වනවා.

 මේ වන විට සිය හිතවතෙකුට අයත් පාපැදියකින් තරග සදහා සහභාගී වන මොහුට රේසින් වර්ගයේ පාපැදියක් මිලදී ගැනීම ට සවියක් වෙමින්  මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් මුල්‍යමය දායකත්වයක් ලබාදීම  පසුගියදා බෞද්ධ මන්දිර මූලස්ථානයේදී සිදුකෙරිණ.

ඔහුට සවියක් වෙමින්රේසින් වර්ගයේ  පාපැදියක් මිලදී ගැනීම සඳහා මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය මගින් ලබාදුන් ආධාර මුදල සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා විසින් ලබාදුන් අයුරු.

 

මහේෂ් කිර්තිරත්න

මාතලේ

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව Read Previous

ආයු චිත්‍රපටය ගැන එහි අධ්‍යක්ෂක චත්‍ර වීරමන් කියපු කතාව

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන්  ජාතික ව්‍යාපාරයක් Read Next

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක්

Realted Post

Leave a comment