පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි

හෙරොයින් මත් කුඩු  ලඟ  තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මත් කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන්  සැකපිට බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් වරියක් අඹගස්දෝව පොලීසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාරිය කයිලගොඩ  පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බවත් , ඇයගේ ඥාතී වරියන් තිදෙනෙක් සහ තවත් සැකකරුවෙක් මෙම මත් ද්‍රව්‍ය ජාමාරමට සම්බන්ධ බවත් ,පොලීසිය පවසයි. සැකකාර පොලිස් කොස්තාපල් වරිය සතුව හෙරොයින්  මත් ද්‍රව්‍ය ග්‍රෑම් 04  යි ,මිලිග්‍රෑම් 200 ක් ,තිබී ඇති බව පොලීසිය පවසයි. 

මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල්  26000/= ක්ද ,පොලිස් භාරයට ගත්  බව පොලිසිය  පවසයි.

අඹගස්දෝව පොලීසියේ ස්ථානාධිපති ලක්සිරි විජේසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් 
වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ජේ ඒ එල්  ජයසිංහ 

AI සමුළුව සහ ප්‍රදර්ශනය Read Previous

AI සමුළුව සහ ප්‍රදර්ශනය

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Next

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

Realted Post

Leave a comment