බත්තරමුල්ලට රජයේ දිවා සුරැකුමක්
අද (06) දින සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රදානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය වෙත ලැබුණු භාණ්ඩ සහ උපකරණ උපයෝගී කරගනිමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ "ගොවිජන මන්දිර" පරිශ්‍රයේ ගොඩනගන ලද "ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය" විවෘත කිරීම සිදුවිය.
රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් “සුරක්ෂිත ලොවක් - නිර්මාණශීලී අනාගත පරපුරක්” යන දැක්ම පදනම් කර ගනිමින් මෙම ප්‍රයත්නය දියත් කර තිබේ.
"Little Roots" නමින් පෙර පාසලක් ද සහිතව ආරම්භ වූ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි සමූහ ව්‍යාපෘතියක් ලෙස සිදු කරන ලදී.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, අමාත්‍යාංශ සහ විවිධ රජයේ ආයතන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ පහසුව සඳහා ඉදි කරන ලද මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය මුල් අදියරේ දී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යමණ්ඩලය සඳහා විවෘත කෙරේ. ඉදිරියේ දී එය පුළුල් කිරීමට නියමිතය.
කාර්යබහුල රාජ්‍ය සේවකයින්ට සහය වීම සඳහාත්, ඔවුන්ගේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සහ සුභසාධනය තහවුරු කිරීම සඳහාත් මෙම මධ්‍යස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පශු සම්පත් සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය,
පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳයේ සාමාජිකාවන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් Ms. Ji Lili, counselor in charge of Cultural affair, Mr. Jiang Chang, Third Secretary, පාර්ලිමේන්තු මහලේකම් කුශානි රෝහණධීර මහත්මිය, කාන්තා සහපළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තු නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දෙමව්පියන් සහ දරු දැරියන් එක්ව සිටියහ.

Leave a comment