මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

මඩකලපුවේ  සිදුවූ අභිරහස් කාන්තා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට  අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  සැකකරුවන් වෙනුවෙන් නීතීඥ සහාය  ලබානොදෙන්නැයි  ඉල්ලීම් කරමින්  කොක්කඩිචෝලේ නගරයේදී  ( 27) මහජන විරෝධයක්  සංවිධානය කර තිබිණි.

මෙම  මහජන විරෝධය මන්මුනෙයි දකුණ බටහිර ප්‍රාදේශීය සභාවේ සභාපති ඉලයතම්බි ග්‍රේස්කුමාරන් සහ මන්මුනෙයි දකුණ බටහිර ත්‍රිරෝද රථහිමියන්ගේ සුබ සාධක සංඟමය  සහ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබිණි.

පසුගිය  20 වන දින කෙකේකොඩචෝලේ පොලිස් වසමේනෙල්ලිකාඩූ කුඹුරු යායේ ලිඳකින් හමුවූ කාන්තාවගේ අභිරහස් මරණය සැකකරුවන්  05 ක් ,මඩකලපුව පොලීසියේ නිලධාරින්  විසින් සැකපිට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර  තිබේ.

ජේ  ඒ  එල්  ජයසිංහ

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක් Read Previous

හවුස් ඔෆ් ඩ්‍රැගන් මකරකුගේ නමින් කටුසු විශේෂයක්

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද Read Next

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද

Realted Post

Leave a comment