මත් ජාවාරමට සම්බන්ධ භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න - මහා නාහිමිවරු.

උතුම් බුද්ධ චීවරය අවභාවිතා කරමින් භික්ෂූ ශාසනයත් ,ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂූ  භූමිකාවත් ,සමස්ත ලෝකය  ඉදිරියේ අවමානයට ලක් කරමින් භික්ෂූ ප්‍රතිරූපකයන් පිරිසක්  විසින් මෙරටට මත් ද්‍රව්‍ය ප්‍රවාහණය කරමින් සිදු කරන ලද ශාසන විරෝධී සමාජ විරෝධී  ක්‍රියාව ත්‍රෛනිකායික මහා  නායක හිමි පාණන් වහන්සේලා විසින් තරයේ හෙළා දැක එම සිද්ධියට විරෝධය පලකර ,උන්වහන්සේලාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් ,මෙම මත් ද්‍රව්‍ය ජාවාරමට  සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

එම නිවේදනයට  සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ  මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන , ශ්‍රී ලංකා  අමරපුර මහා නිකායේ මහා නායක  කරගොඩ උයන්ගොඩ  මෛත්‍රී මූර්ති ,සහ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පූජ්‍ය  මකුළූවේ ශ්‍රී විමලාභිධාන යන හිමිපාණන් වහන්සේලා  අත්සන් තබා ඇත

මෙම සිද්ධිය සම්බන්ධයෙන්   කඩිනම් විමර්ශණ සිදු කොට මෙයට සම්බන්ධ වූවන්ට එරෙහිව  නීතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද  මහා නායක හිමිපාණන් වහන්සේලා   ඉල්ලා සිටිති.

ජේ  ඒ  එල්  ජයසිංහ.

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Previous

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි Read Next

වයසට යන සම තරුණ පෙනුමකින් රැකගන්න විදි

Realted Post

Leave a comment