මනුෂ්‍යත්වය රැගෙන ’’සයනයිඩ්’’ 26 තිරයට

උතුම් මනුෂ්‍යත්වය හා මිත්‍රත්වය පදනම් කර ගනිමින් ,  මෙරට පැවැති බිහිසුණු යුධ සමයේ සිදුවුන සත්‍ය කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ  " සයනයිඩ් " චිත්‍රපටය , එකල උතුරේ මහ ඇමතිව සිටි හා ඊ.පී.ආර්.එල්.එෆ්. නායක වර්තරාජා පෙරුමාල් මහතා ඉලක්කකර ගනිමින්  සිදුකරන ලද එල්.ටී.ටී. ඝාතන සැලැස්ම සිනමාත්මකව ප්‍රේක්ෂකයා හමුවට මෙතුලින්  ගෙන එනු ලබයි.

මෙයට පෙර "අඟර දඟර " සහ " රේන්බෝ" වැනි සිනමා නිර්මාණ රිදී තිරයට එක්කල නලින් රාජපක්ෂ විසින් කතාව සහ තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල "සයනයිඩ් " චිත්‍රපටය  දෙසැම්බර් 26 වන දින සිට , එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙස දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ඇරඹීමට   නියමිතව ඇත. 

දකුණු ඉන්දීය කාර්මික හා නළු නිළියන්ගේ දායකත්වයෙන් නිමව ඇති මෙහි රංගනයෙන් රනීෂ් හේවගේ , රාජා ගනේෂන් , ජගත් ගලප්පත්ති , ගීතා කාන්ති ජයකොඩි , නිෂුලි නෙලිත්මා රාජපක්ෂ , ක්‍රිස්ටිනා බිටෝ , සඳුන් බණ්ඩාර , ඇලෙක්සි ප්‍රනාන්දු , අසංක දේවමිත්‍ර , රාජා බාලසූරිය , දුමිදු කන්නංගර සමගින් ප්‍රකාෂ් දසාරි, මහේන් කුමාර , මොහාන් පඩාලා , වීනූ මල්ලා වීදී , බාලු අකුලා ඇතුළු ශිල්පින් රැසක් එක්ව ඇත.සහය අධ්‍යක්ෂණයෙන් , දමිළ භාෂාව හා හඬ පුහුණුවෙන් රාජා ගනේෂන් , කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න සහ සායි ටෝනි , සංස්කරණයෙන් සහ දෙබස් පටිගතකිරිමෙන් අනුර බණ්ඩාර , වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර , අංග රචනයෙන් තරංග රුක්මල් , කලා අධ්‍යක්ෂණයෙන් ඇලෙක්සි ප්‍රනාන්දු , පසුබිම් සංගීතයෙන් හා ගායනයෙන් දුල්ෂාන් සුලක්ෂණ , 7.1 ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ , සටන් අධ්‍යක්ෂණයෙන් හා ගීත රචනයෙන් නලින් රාජපක්ෂ  එක්ව ඇති " සයනයිඩ් " මූන්ලයිට් චිත්‍රපට ඉදිරිපත් කිරීමක් ලෙසින් තිරගතවන අතර , මෙය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දර්ශනීය ස්ථානයන් හී දී රූපගත කිරීම් සිදුකර ඇත.

ඇන්ටන්.ජේ.ප්‍රනාන්දු

ආදරණීය බැඳීමක සුන්දරත්වය Read Previous

ආදරණීය බැඳීමක සුන්දරත්වය

මහනුවර හින්දු  කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා  ඖෂධීය  රසම් පාන  දන්සැලක් Read Next

මහනුවර හින්දු කාන්තා සංඟමයෙන් පොසොන් පෝදා ඖෂධීය රසම් පාන දන්සැලක්

Realted Post

Leave a comment