මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිරේ

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරනවා. 

නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් 

මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට මෙම මස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 110 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් වාර්තා තුළ සඳහන්.

මෙම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිර යා හැකි වෛරසයක්.

වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැති බව සඳහන්.

මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බැවින් මෙය ඉතා මාරාන්තික බව ද සඳහන්.

නිපා වෛරසය යනු කුමක්ද?

නිපා වෛරසය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකියි

වෛරසය ආසාදනය වූ ආහාර මගින් හෝ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙය පැතිර යා හැකියි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය ප්‍රමුඛතා රෝග දහය අතරට කොවිඩ්-19 සහ සිකා වැනි රෝග කාරක සමඟ විස්තර කර ඇත.

එයට හේතුව ලෙස, මෙම රෝගය වසංගතයක් ඇති කිරීමේ අවධානමක් ඇති වීමට ඉඩ ඇති බව සඳහන්.

 

වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද?

වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථාන් වලදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව සඳහන්.

මෙහි මූලික රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකියි.

ඇතැම් පුද්ගලයින් තුළ, නිදිමත ගතිය, සිහිය වෙනස් වීම සහ නියුමෝනියාව ඇති විය හැකි බවද සඳහන්.

සටහන - කසුනි විජේසිංහ

රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා Read Previous

රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා

Katy Perryගේ ජීවිතෙන් කාන්තා ඔබට හොඳම ජීවිත පාඩමක් Read Next

Katy Perryගේ ජීවිතෙන් කාන්තා ඔබට හොඳම ජීවිත පාඩමක්

Realted Post

Leave a comment