රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා

කලාව කියන්නේ ජීවිතයේ අපි හැමෝටම රස විඳින්න පුළුවන් වුවත් කලාකරුවෙකුට තව කෙනෙකු පිනවීමට හැකියාව ලැබෙන්නේ ඉන් අතලොස්සක පමණ පිරිසකට පමණයි.

එය දෙවියන් දුන් තෑග්ගක් ලෙස කලාකරුවන් දකී.

එහෙම රඟපෑමෙන් ගමනක් ආපු තව දුර ගමනක් යන්න හිතා සිටින දක්ෂ නිහතමානි තරුණ කලා කරුවකුට සිරිකත කලා විශේෂාංගය සමග දොඩමළු වෙන්න ඇරයුම් කළා. මේ ඔහු පිළිබඳ පුංචි  සංවාදයකි.

 

01. ඔබ ගැන විස්තරයක් වගේම ක්ෂේත්‍රයට ආවෙ කොහොමද කියලා කතා කළොත්.

මම අනුරුද්ධ ගාම්භීර ආරච්චි. 
වෘත්තියෙන් රංගන ශිල්පියකු වගේම අධ්‍යක්ෂකවරයෙක්.
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ රත්නපුර මිහිඳු විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන්.

රංගන ක්ෂේත්‍රයට එන්න පෙර එංගලන්තයේ ඇස්කෝට් ටීමි එකකට ක්‍රීඩා කළා.පසුව ඒ කාලේදී ඇතිවුණු අසනීප තත්ත්වයත් සමග මම නැවත ලංකාවට පැමිණෙනවා. 
එහෙම ඉදිද්දි මට රඟපෑම ගැන විශේෂ ආශාවක් ඇතිවෙනවා. ඒකට මූලිකම හේතුව තමයි මේ ක්ෂේත්‍රයට මගේ පවුලේ අයත් සම්බන්ධ වී තිබීම. 

ඒ ඇතිවුණු ආසාවත් සමග මම රඟපෑම පිළිබඳ අවුරුදු තුනක් මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ ඉගෙන ගන්නවා. 

එතනදි මට සුනිල් චන්ද්‍රසිරි කියන වේදිකා ඩ්‍රාමා ඩිරෙක්ටර් මුණගැසෙනවා. ඔහුගේ දොන්  දෝන් ජුවන් කියන ඩ්‍රාම එකට මාව තෝරගන්නවා. 

එතනදි මට ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රවීණ කලාකරුවන් වන වසන්ත විට්ටච්චි ,අනුලා බුලත්සිංහල වැනි බොහෝ ප්‍රවීණ කලාකරුවන් රැසක්  මුණ ගැසෙනවා.
ඒ අතර බෙන් ෆිල්ම්ස් ආයතනය කරපු චන්දන හේවාපතිරණ අයියගේ හිට් විකට් කියන ඩ්‍රාම එකේ ෂාරුක්ඛාන් කියන චරිතය මට ලැබෙනවා. එම චරිතය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍ය වෙන්නේ. 

ඉන්පසු බෙනට් රත්නායකගේ සුදීරා, ප්‍රේම කුමාර ජයවර්ධනගේ රාග සෝභා , දී. ග සෝමපාලයන්ගෙ ඉතින් අපි කතා කරමු, රෝමියෝ හා දන්තේ ටෙලිනාට්‍ය, බොඳ මීදුම් ,සිහින සිතුවම් වැනි ටෙලි නාට්‍ය අසූ හයක මම රඟපා තිබෙනවා. 

ඒ අතර මම මුලින්ම ටෙලි නාට්‍යක ප්‍රධාන චරිතයක් ලෙස රඟපෑවේ සුවඳ හමන මනමාලි ටෙලි නාට්‍යයේ උදාර කියන චරිතයයි.

මායාදේවි, ජන මිතුරා, සිහිනවලට පාට දෙන්න, ආදරණීය සංවාදයක් වැනි රාජ්‍ය සම්මාන වේදිකා නාට්‍ය කිහිපයකටම මම සම්බන්ධ වී තිබෙනවා.

02. ඔබ අධ්‍යක්ෂණයටත් මේ වෙනකොට අතගසා තිබෙනවා නේද. 

මම අධ්‍යක්ෂණය කරපු මුල්ම නාට්‍ය ඩෝෂන් බාලගේ නිෂ්පාදනය කරපු පෝය ටෙලි නාට්‍ය කිහිපයක්. මීට අමතරව පැතුම් මල් වසන්තය දේදුනු වර්ෂා, දවල දේශන වැනි නිර්මාණ මම අධ්‍යක්ෂණය කරලා තියෙනවා. 

03. ඔබ ටෙලි නාට්‍යවලටද, අධ්‍යක්ෂණ භූමිකාවට ද වැඩිය කැමති. 

ඔය දෙකටම එකසේ කැමතියි වගේම හොඳ නිර්මාණ කරන්න තමයි ලොකුම ආශාව තියෙන්නේ. 

04. ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්. 

දවල් දේශන ටෙලි ඩ්‍රාම එකේ ඉතිරි කොටස් ටික කරන්න කැමැත්තෙන් ඉන්නවා. මගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ස්පා කියන ෆිල්ම් එක ඉක්මනින් අවසන් කරන්න තමයි ලොකුම බලාපොරොත්තු වෙන්නේ. 


05. ක්ෂේත්‍රයට එන්න උපකාර අය පිළිබඳවත්  අපි මතක් කරමු. 

මගේ අම්මා, බිරිඳ පවුලේ අය ආදරයෙන් මතක් කරනවා, ඒ වගේම මගේ ගුරුවරයා වන මහේන්ද්‍ර පෙරේරා අයියා. ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වන අනුර ගාම්භීර ආරච්චි මගේ බාප්පා, බෙන් ෆිල්ම් ආයතනය, ඒ වගේම මාව විශ්වාස කරමින් නිර්මාණවලට සම්බන්ධ කරගත් සියලුම අධ්‍යක්ෂකවරුන්ට   ස්තුතියි. 


06. ප්‍රේක්ෂකයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද. 

විශේෂයෙන් විදේශ සංචාරවලදී බොහෝ හොඳ සතුටුදායි ප්‍රතිචාර තිබෙනවා. මෙරටත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තියනවා. අපිව අඳුරගෙන ළඟට ඇවිල්ලා කතා කරනවා. ඒක තමයි ඉතින් අපි ලබන නිහතමානී සතුට සහ මේ වෘත්තිය ලබන උතුම්ම සම්මානය.


සටහන
මහේෂානි මීගහපොල

පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි Read Previous

පොලිස් කොස්තාපල් වරියක් හෙරොයින් මත් කුඩු සමග පොලීසියට කොටුවෙයි

ඉන්දියානු  ජනරද දිනය මෙරට සමරපු දා Read Next

ඉන්දියානු ජනරද දිනය මෙරට සමරපු දා

Realted Post

Leave a comment