මාතලේ 42ක් මුදවා ගත් යුද හමුදා මෙහෙයුම

මාතලේ ගම්මඩුව නාගල ප්‍රදේශයේ අවතැන්ව  මුදාගැනීමට නොහැකිව සිටි පුද්ගලයන් 42 දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත් විමෙන් ඉන්දියානු යුධ හමුදා ගුවන් යානයකින්  නිරුපද්‍රිතව මුදාගෙන මාතලේ බර්නාඩ් අලුවිහාරය ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒම 01දා දහවල් සිදු විය.
ඉකුත් මස 29 වනදා දා ඇදහැලුණු  අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම ප්‍රදේශය නාය යෑමට ලක්වු අතර ගම්මානයට ප්‍රවිෂ්ට වීමට තිබූ සියලු මාර්ග පාලම් කැඩීයාම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටියහ.
පිරිස මුදා ගැනීම සඳහා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් වෙත මෙම ගම්මානයට ඇතුළු වීමට පවා අපහසු වී තිබුණි.
එම පුද්ගලයන් ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කළ බව මාතලේ මහ දිසාපති ප්‍රසන්න මද නායක මහතා පැවසීය.

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්.. Read Previous

බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති Read Next

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති

Realted Post

Leave a comment