මාර්ග තාවකාලික වැසේ, විමසිල්ලෙන් ඉන්න

පනන්ගම්මන ප්‍රදේශයේදී මාර්ගයේ ගිලා බැසීමක් සිදු වී ඇති බැවින් ගම්පොල, මාවෙල හරහා කොත්මලේ මාර්ගය තාවකාලිකව වසා දමා ඇත. 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට වර්ෂාවත් සමඟ යාන් ඔය ජලාශයේ ජල මට්ටම උපරිම මට්ටම ඉක්මවා යමින් පවතින අතර, ජල ධාරිතාව ඉහළ යාම මත ජලාශයේ වාන් දොරටු මේ වන විට අඟල් 06 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව පදවිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් පවසයි.

ගංවතුර පාලනය කිරීමය  පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු විවෘත කර ඇති අතර 
ඉහළ මහවැලි ජලාශ පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව තැබීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ. මෙමගින් තත්පරයට 

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට, කළු ගඟ මඟුර ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමට පැමිණ ඇත.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද මි.මී. 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
පවසයි.

පවතින සුළං සහිත වර්ෂා තත්ත්වය හේතුවෙන් නිවාස 88කට අර්ධ හානි සිදු වී ඇති බව. කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, 
මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ‍ඇඟවීම් බලාත්මක වේ.

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති Read Previous

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ජනපති

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි Read Next

Prime Marina ව්‍යාපෘතිය නිල වශයෙන් අරඹයි

Realted Post

Leave a comment