යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

ඓතිහාසික යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම සහ එම පරිශ්‍රය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (මැයි 11) බුද්ධශාසන අමාත්‍යාංශයේදී (දහම්පාය) පවත්වන ලදී.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී, යාපහුව රාජධානියේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අනන්‍යතාවය සුරක්ෂිත කරමින් නවීන සංචාරක අවශ්‍යතා සපුරාලිය හැකි අයුරින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

විශේෂයෙන්ම, දෙස් විදෙස් සංචාරකයින් සඳහා එම ස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම මනාව විදහා දැක්වීමට අවශ්‍ය යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්ථාවට යාපහුව රජමහා විහාරාධිපති පූජ්‍ය නුගලියද්දේ සමිතනන්ද හිමිපාණන් වහන්සේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මහාචාර්ය සමිත මානවඩු මහතා,අධ්‍යක්ෂ ( සංවර්ධන) වැ.බ. ආචාර්ය සුමේධා මාතොට මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියදර්ශන උඩුකුඹුර මහතා,ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර Read Previous

තැළුණු ඇල්මීනීයම් මුට්ටි, මළ බැඳුණු පිහිතල,ප්‍රමිතියෙන් තොර අටපිරිකර

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities Read Next

මීලඟ අදියරට පිවිසෙන Richard Pieris Securities

Realted Post

Leave a comment