රංගන ප්‍රතිභාවේ ආශ්චර්යයෙන් පිරි ප්‍රවීණ රංගනවේදී සුමින්ද සිරිසේන

ඉසා ගෙදරට අයියෙක් වුණා...

ඉන් පස්සේ තාත්තෙක් වුණා... දැන් අම්මෙක් වෙලා.

දුක්බර ස්වරූපයෙන් ලලිතාට රඟපෑ සුසන්තා චන්ද්‍රමාලිගේ  මුවින් එසේ පිට වෙද්දී ඊටපසෙකින් සිටි  ඉසාට රඟ පෑ එම නළුවාගේ  මුහුණේ තිබූ ඉරියව් දෙස බැලු දහසකුත් රූපවාහිනි රසිකයින් දිගු සුසුම් හෙලා තිබුණි. ඇතැමුන්ගේ නෙතින් කඳුළු රූරා විත් තිබුණි.

චරිත තුනක් හි ඉසාට රඟ පෑ ප්‍රවින රංඟන ශිල්පී සුමින්ද සිරිසේනයන්ගේ රංගන  ප්‍රතිභාව හුවා දැක්වීමට එතකුදු ඇතියැයි අපි සිතමු... නමුත් මතකයට එන සියල්ල ඔබ සමඟ කිව යුතුමය.

සිහින නිම්නය, කුමාරි හාමි , ඉරට මුවාවෙන් ආදි ටෙලි කතාවල ප්‍රධාන චරිත අභිබවා පෙනුණු, පෙනුමින් දැවැන්ත නොවුණු මේ චරිතාංග රංගධරයා වේදිකා නාට්‍ය හතළිහකට වැඩි ප්‍රමාණයකින්ද,  ටෙලි නාට්‍ය පනහ ඉක්මවා යමින්ද චිත්‍රපටි පහළොවකට අධික ප්‍රමාණයකින්ද,  රංගනයෙන් රසික සිත් තුළට ඇතුළු වී තිබුණි.

විටෙක යතිවරයෙකුගේ මෙන් උදාරම් සිල්වත් පෙනුමද, විටෙක ශාන්තුවරයෙකු මෙන් තැන්පත් පෙනුමද, විටෙක කඩිසර පියෙකුමෙන් වීරියවන්ත පෙනුමද, තවත් විටෙක සල්ලාලයෙකු මෙන් මනමාල පෙනුමද,  දෙනෙත් තුළට ආරූඩ කර ගන්නට  එක තත්පර ගණනකින් ඔහුට හැකියාව තිබුණි.

කුමාරිහාමි හි සල්ලාල හිච්චි මහතා.. නිසල විල හි යතිවරයාණන් විය. එම යතිවරයා චරිත තුනක් හි  දිරියවන්ත ඉසා විය, එම ඉසාම ඉරටමුවාවේ හිච්චි මාමා විය..

ඕනෑම පිටපතක් අතට ගත් සැණින් එම චරිතයට ආරූඩ විය හැකි සරස්වතී බැල්මක් ඔහුට ඇතිතරමට වැටී තිබුණා පමණක් නොව එම චරිතය තුළින් රසිකයින් පවා වශීකරගත හැකි හැකියාවක්ද ඔහු සතු වීය.

දශක හතරකට ආසන්න කාලයක් එසේ සිය රැඟුමින් සෑම අංශයකින්ම රසිකයින් පිනවූ සුමින්ද සිරිසේන නම් වූ ඒ රඟ බිමේ උපන් වනස්පතියා පසුගියදා  සියල්ලෙන්ගෙන් සමුගෙන සදහටම නික්ම ගියේය. ගම්පහ පිහිටි  සිය නිවසේ වසර පහකට ආසන්න කාලයක්  නිරෝගීකමේ  පරම ලාභය සොයමින් පසුවු ඔහුගේ නික්ම යෑමෙන් ඇතිවූ හිස් තැන කුමන අයුරින් කා හට පිරවිය හැකිද..

කිසිදින අමතක කළ නොහැකි ඒරංගන ප්‍රතිභාවේ ආශ්චර්ය මැවූ කලාවේදියාණෙනි සිරිකත පවුලේ අප සැම ඔබට නිවන්සුව පතන්නෙමු. 

(සටහන සේයා රූ - විශ්ව ගැමුණු ප්‍රියංකර) 2023 /11/ 05

මනසට සැනසීමක් ගේන  ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා Read Previous

මනසට සැනසීමක් ගේන ආශිර්වාදය, එන්න යන්න පාසිකුඩා

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment