රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක්

විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක්... 

උතුරුමැද පලාත තුළ වෙසෙන විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ළගම ඥාතීන්ගේ, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ගැටලු හදුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමේ වැඩසටහන් මාලාවේ සිව්වැන්න  ඊයේ  (27) අභිමංසල - I අනුරාධපුරදී පැවැත්විණ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම වෛද්‍ය කදවුර සඳහා රණක්‍ෂිතයටපත් රණවිරුවන් 2000කට ආසන්න පිරිසක් සහභාගි විය.

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් අධික්‍ෂණය කරනු ලැබු මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටළු තක්සේරු කිරීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශන ලබාදිම, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ සඳහා පරීක්‍ෂණ සිදුකිරීම, අක්ෂි සහ දන්ත වෛද්‍ය සේවාවන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මානසික සෞඛ්‍ය සඳහා උපදේශන සේවාවන් හා පෝෂණ විශේෂඥයින් විසින් ආහාර ලබාගැනීම සඳහා වන උපදෙස් ලබාදීමට ද කටයුතු සිදුකර ඇත.

මේ අතර රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා පමණක් නොව විශ්‍රාමික, යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හට පවතින සෞඛ්‍ය,වැටුප්, සුභසාධන හා ආර්ථිකමය ගැටලු පිළිබඳ සොයා බැලීම සිදු කල අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පරිත්‍යාග කරන ලද ජීප් රථයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම 2025 Read Previous

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම 2025

ඔවුන් සියල්ල මතක තබා ගන්නා ඒ ඇස් Read Next

ඔවුන් සියල්ල මතක තබා ගන්නා ඒ ඇස්

Realted Post

Leave a comment