රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ දැවැන්ත මහා මංගල්‍යය 2023

හිරු 25 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු ටී.වී සංවිධාන ශක්තියෙන් හැඩවුණු රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ අති දැවැන්ත මහා මංගල්‍යය ‘‘මංගලම් 2023’’ මංගල ප‍්‍රදර්ශනයේ දෙවන ප‍්‍රදර්ශනය පසුගියදා ඩබල් ට්‍රීබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් හෝටල් පරිශ‍්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුනා. මංගල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගේ සහභාගීත්වයෙන් පැවති වසරේ දැවැන්ත මංගල ප‍්‍රදර්ශනයට මිලියන සියයකට වඩා අධික වටිනාකමකින් යුතු මංගල ත්‍යාගය තමන් සතු කරගැනීමේ බලාපොරොත්තුව පෙරදැරිව ආදරවන්තයින් සහ ආදරවන්තයින් රැසක් සහභාගී වුනා.

එහිදී කුසපත් ඇදීමක් තුලින් සහභාගීවූ වාසනාවන්ත යුවළ රැසක් අතුරින් එරංග සහ පූර්ණි මිලියනයකට අධික වටිනාකමින් යුතු මංගල ත්‍යාගය ඔවුන් සතු කරගන්නට වාසනාවන්ත උනා.
කොළඹ හිල්ටන් රෙසිඩන්ස්හිදී සහ ඩබල් ට්‍රීබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වු ප‍්‍රදර්ශන වලින් ජයග‍්‍රහණය කල ජයග‍්‍රාහී යුවළවල්  ද්විත්වයේ වාසනාවන්ත මංගල දිනයන් නොවැම්බර් මාසය තුළදී ඔවුන් වෙත තිලින කරන්නට හිරු සියල්ල සූදානම් කරඇති අතර ‘‘මංගලම් 2023’’ මිලියන දෙසීයකට අධික මෙම ඇති  දැවැන්ත මංගල උත්සව ද්විත්වය මංගල ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගේ සහභාගීත්වයෙන් මෙතෙක් ශ‍්‍රී ලංකික ජනතාවට දකින්නට විදින්නට නොලැබුණු සුවිශේෂී  නවමු අත්දැකීම් රැසකින් යුක්තව ගෙන එන්නට හිරු ටී.වී සැදී පැහැදී සිටින අතර මෙම සුවිශේෂී අත්දැකීම ඔබේ ආලින්දයට ගෙන එනතුරු  දිගටම  හිරු ටීවී සමග රැදී සිටින ලෙස හිරු ආදරයෙන් ආරාධනා කරනවා.

 

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Next

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

Realted Post

Leave a comment