ලග්ගල පැවැත් වූ තාක්ෂණික පුහුණු වැඩසටහන

ලග්ගල ප්‍ර්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කළ කුකුල් පාලනය හා ආහාර පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් ලග්ගල  කන්දේ පිටවල  වසමේ පුෂ්පා කුමාරි මහත්මියගේ නිවසේදී පැවැත්විය. 

කාලීන ගැටළුවක් ලෙස පවතින කුකුල් ආහාර මිල ඉහළ වීම හා ඊට සාපේක්ෂව බිත්තර මිල පහළ අගයක් ගැනීම හේතුවෙන් ව්‍යවසායකයින් මුහුණ පෑ ගැටලුවට විසදුමක් ලෙස මෙම වැඩසටහටන සංවිධානය කරනු ලැබීය. මෙම වැඩසටහනට  ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය මගින් ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහනට සම්බන්ද කුකුල් ගොවීන් හා කොට්ඨාශයේ අනිකුත් කුකුල් පාලනය සිදුකරන ව්‍යවසායකයින් සමබන්ධ විය.


විල්ගමුව පශු වෙද්‍ය කාර්‍යාලයේ පශු වෙද්‍ය නිලදාරී  වන ඩබ්.ඩී අබේසිංහ මහතා  මෙහි සම්පත් දායකත්වය දරන ලදි.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Previous

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment