ලෝක සාමය පතා වැඩම කළ විදෙස් භික්ෂූන් වහන්සේලා දළදා සමිඳුන් වැඳපුදා ගනී

ලෝක සාමය පතා ලොව වටා පා ගමනින් වැඩම කරන වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ විදෙස් භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (24) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්හ. දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාළිගා පරිශ්‍රයේ රතු පලසක් අතුරා උන්වහන්සේලාව ඉතා බැතියෙන් පිළිගත් අතර, මල්වතු පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර හිමිපාණන් වහන්සේ විසින් පඤ්ඤාකාර හිමියන් වෙත විශේෂ සිහිවටන තිළණයක් ද පූජා කරන ලදී. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අභයකෝන්, මහනුවර පුරපති සහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම සුදු වතින් සැරසුණු දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීමෙන් මහනුවර පුරවරය සැදැහැවත් බවින් බැබළුණි.

 

මාෂ් හුනී Read Previous

මාෂ් හුනී

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Next

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

Realted Post

Leave a comment