ලෝක ළමා දිනය සමරමින්’’ සිහින සරුංගල් ’’ සිනමා අඹරට එක්වෙයි .

ප්‍රවීණ අංග රචනා ශිල්පි තාරක අධිකාරි සමගින් ළමා ලොවේ ජනප්‍රිය චරිතයක් වන උපුල් මාමා නොහොත් උපුල් වීරසිංහ එක්ව අධ්‍යක්ෂණය  කරණ ලද ඔවුන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය  " සිහින සරුංගල් " ළමා සිතුවම් පටය  , ලෝක ළමා දිනයට සමගාමීව මෙම මස 26 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව ඇත . තම සීයාගේ සෙනෙහස් සෙවනේ හැදී වැඩෙන , දෙමව්පියන් අහිමි පාසැල් වියේ පසුවන දිරිය දරුවෙකුගේ ජීවන  කතා පුවතක් "සිහින සරුංගල්" සඳහා පාදකව ඇත .මෙහි ළමා රංගන ශිල්පීන් වන මෙතික සෙනරත් , ඔමාෂි චාතූර්යා , සස්නිත දෙව්මුතු වන්නිආරච්චි , ලඛිඳි හෙසන්‍යා වීරසිංහ , සිතුම්දි විහස්නා අධිකාරි , සදිනි දිලස්නා අධිකාරි ප්‍රධාන ප්‍රවීණ රංගන ශිල්පීන්වන  රොෂාන් රණවන , හේමසිරි ලියනගේ , ජනක රණසිංහ, ක්ලීටස් මෙන්ඩිස් , සතිස්චන්ද්‍ර එදිරිසිංහ , චමීර සිල්වා , කුමාර තිරිමාදුර , ආනන්ද අතුකෝරාළ , මනෝහාරි විමලතුංග , ශිරෝමිකා ප්‍රනාන්දු , උමා කරඳගොල්ල , උපුල් වීරසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇති අතර , තිර රචනයෙන් සනත් භාෂ්වර කරුණාරත්න , කැමරාකරණයෙන් මංජුල පද්ම කුමාර , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස් , ශබ්ද සැළසුම්කරණයෙන් තනුෂ්ක කහඳවල , සංගීත අධ්‍යක්ෂණයෙන් කිත්සිළු වික්‍රමසිංහ , අංග රචනයෙන් ජනක රණසිංහ සමගින් සකුෂ් රාජපක්ෂ , සහය අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් චන්දන එදිරිසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් චන්දන  ප්‍රියංකර , ඇඳුම් නිර්මාණයෙන් ලක්මාල් අතුකෝරාළ , ගේය පද රචනයෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි , ගීත ගායනයෙන් ගමිත් නිසංස සහ ලඛිඳි හෙසන්‍යා වීරසිංහ එක්වී ඇති " සිහින සරුංගල් " නවීන් රත්නායක සමගින් රෝහණ වන්නිආරච්චි එක්ව නිෂ්පාදනය කර ඇත .

  • ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන්  ජාතික ව්‍යාපාරයක් Read Previous

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයක්

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment