ශරීරයේ සෑම කොටසකටම වැදගත්, අපි නොසලකා හරින ඛනිජ

ශරීරයේ වර්ධනය, ප්‍රතිශක්ති පද්ධතිය, තුවාල සුවවීම සහ සෛල වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඛනිජයක් වන "සින්ක් (Zinc)" පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ නැත. නමුත් විශේෂඥයන් පවසන්නේ මෙය ශරීරයේ සෑම කොටසකටම බලපාන ඉතා වැදගත් පෝෂකයක් බවයි.

කැල්සියම්ට පසු ශරීරයේ වැඩිම ප්‍රමාණයෙන් පවතින ඛනිජය සින්ක් වන අතර, එය metabolism, ප්‍රතිශක්තිය, සමේ සෞඛ්‍යය සහ DNA වර්ධනය පවා පාලනය කරයි.

ශරීරය ස්වයංක්‍රීයව සින්ක් නිපදවන්නේ නැති නිසා, එය ආහාර හෝ supplements මඟින් ලබාගත යුතුය.
සින්ක් බහුල ආහාර අතර, 

* මස්
* බිත්තර
* කිරි සහ කිරි නිෂ්පාදන
* කඩල හා පරිප්පු
* සම්පූර්ණ ධාන්‍ය
  ඇතුළත් වේ.

විශේෂඥයන් පවසන්නේ සින්ක් හිඟය නිසා, 

* දරුණු ආසාදන
* වඳභාවය
* දරුවන්ගේ වර්ධන ප්‍රමාදය
* සම සහ හිසකෙස් ගැටලු
  ඇතිවිය හැකි බවයි.

වයස්ගත පුද්ගලයින්, නිර්මාංශ ආහාර ගන්නන්, ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති අය සහ ආමාශ-බඩවැල් රෝග ඇති පුද්ගලයින් සින්ක් හිඟයට වැඩි අවදානමක් ඇති කණ්ඩායම් ලෙස සැලකේ. කෙසේ වෙතත්, සින්ක් අධික ලෙස ලබා ගැනීමත් අනතුරුදායක විය හැකි අතර,

* ඔක්කාරය
* වමනය
* හිසරදය
  වැනි අතුරු ආබාධ ඇති කළ හැකි බැවින් supplements භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

සින්ක් හිඟයේ ප්‍රධාන ලක්ෂණ 7ක්

 1. තුවාල සුව වීම ප්‍රමාද වීම

සින්ක් තුවාල සුව කිරීමේ සෑම අදියරකම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එය,

* ලේ කැටිගැසීම
* ප්‍රදාහය අඩු කිරීම
* සමේ නව සෛල නිර්මාණය
  වැනි ක්‍රියාවලීන්ට උපකාරී වේ.

සින්ක් අඩුවීමෙන් කැපුම්, සීරීම් සහ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත විය හැක. විශේෂඥයන් පවසන්නේ zinc sulfate cream වැනි topical treatments තුවාල සුවවීම වේගවත් කිරීමට උපකාරී විය හැකි බවයි.

2. හිසකෙස් වැටීම

නානකාමරයේ හිසකෙස් ගොඩවී ඇති බවක් හෝ හිස්කබල පැහැදිලිව පෙනීමක් දැකෙනවාද? එයට හේතුව සින්ක් හිඟය විය හැක.

* keratin නිෂ්පාදනයට
* hair follicles ශක්තිමත් කිරීමට
* හිසකෙස් වර්ධනය පාලනය කිරීමට
  අත්‍යවශ්‍ය වේ.

හිඟයක් ඇතිවූ විට, 

* හිසකෙස් සිහින් වීම
* වැටීම
* alopecia areata
* male pattern baldness
  වැනි තත්ත්ව ඇති විය හැක.

3. කුරුලෑ සහ සමේ ගැටලු

පර්යේෂණ අනුව කුරුලෑ ඇති පුද්ගලයින්ගේ සින්ක් මට්ටම සාමාන්‍යයෙන් අඩුය.

* සමේ ප්‍රදාහය අඩු කරයි
* කුරුලෑ ඇති කරන බැක්ටීරියා පාලනය කරයි
* sebum නිෂ්පාදනය නියාමනය කරයි

සින්ක් හිඟය නිසා, 

* කුරුලෑ
* eczema
* rashes
* වියළි සහ කැඩෙන සම
  ඇතිවිය හැක.

 4. දීර්ඝකාලීන රෝග සහ ආසාදන

සින්ක් insulin නිෂ්පාදනය සහ ගබඩා කිරීම සඳහා වැදගත් වේ. එය අඩුවීමෙන්,

* රුධිරයේ සීනි වැඩිවීම
* දෙවන වර්ගයේ දියවැඩියාව
  වැනි තත්ත්ව ඇතිවිය හැක.

එමෙන්ම සින්ක්, T-cells සහ natural killer cells ක්‍රියාකාරීත්වය වැඩි කරමින් ශරීරය ආසාදනවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. පර්යේෂණ කිහිපයක් පෙන්වන්නේ zinc supplements pneumonia වැනි ආසාදන පාලනයටද උපකාරී විය හැකි බවයි.

5. පෙනීම දුර්වල වීම

සින්ක් ඇස් සහ මොළය අතර සන්නිවේදනයට වැදගත් වේ. එය retina ක්‍රියාකාරීත්වයට, vitamin A මඟින් melanin නිෂ්පාදනයට සහාය වේ.

සින්ක් හිඟය නිසා, 

* blurred vision
* distorted vision
* වයස්ගත වීමත් සමඟ ඇතිවන macular degeneration
  වැඩි විය හැක.

6. ආහාර රස නොදැනීම

ඔබගේ ප්‍රියතම ආහාරවල රස වෙනස් වී ඇති බවක් දැනෙනවාද? එයට හේතුවද සින්ක් හිඟය විය හැක.

* taste buds නවීකරණයට
* රස සංවේදක ක්‍රියාකාරීත්වයට
  අත්‍යවශ්‍ය වේ.

එය අඩුවීමෙන් , ආහාර රස අඩුවීම, ගඳ සුවඳ හඳුනා ගැනීම දුර්වල වීම සිදුවිය හැක.

7. දරුවන්ගේ වර්ධනය මන්දගාමී වීම

සින්ක් DNA replication සහ protein synthesis සඳහා අත්‍යවශ්‍ය බැවින්, දරුවන්ගේ වර්ධනය සඳහා ඉතා වැදගත්ය.

හිඟයක් ඇතිවූ විට , උස වැඩීම ප්‍රමාද වීම, බර නිසි ලෙස නොවැඩීම, අස්ථි වර්ධනය දුර්වල වීම, ආහාර රුචිය අඩුවීම පෙනෙන්නට පුළුවන. සින්ක් vitamin D සමඟ එක්ව අස්ථි සෞඛ්‍යය ශක්තිමත් කිරීමටද උපකාරී වේ.

ඒ නිසා සින්ක් හිඟය නොසලකා හරින්න එපා. කුඩා පෝෂකයක් ලෙස පෙනුනද, සින්ක් ශරීරයේ සෑම පද්ධතියකටම බලපාන අත්‍යවශ්‍ය ඛනිජයකි. නිතර ලෙඩ වීම, සමේ ගැටලු, හිසකෙස් වැටීම හෝ රස නොදැනීම වැනි ලක්ෂණ පවතින්නේ නම්, ඔබේ ආහාර රටාව සොයා බැලීම වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න සහ සින්ක් බහුල ආහාර රටාවක් ඔබේ ප්‍රතිශක්තිය, සම, හිසකෙස් සහ සමස්ත සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ.

මේඝා චින්තාමණි

ඇමති සරෝජා සහ NCPA අතර හමුවක් Read Previous

ඇමති සරෝජා සහ NCPA අතර හමුවක්

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක් Read Next

මාතලේ නගරය කේන්ද්‍රකරගනිමින් වෙසක් කලාපයක්

Realted Post

Leave a comment