වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හෙටයි

වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හෙටයි.

ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සතියට අදාළව හෙට (31) දින නම් කර ඇත්තේ වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසයි.

එම දිනයට අදාළ වැඩසටහන් රැසක් පරිසර අමාත්‍යංශය සහ අමාත්‍යංශයට අනුබද්ධ අනෙකුත් ආයතන විසින් සංවිධානය කර ඇත.   ඒ අනුව මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යං, වාහන වායු විමමෝචන භාරකාර අරමුදල විසින් යතුරු පැදි සහ ත්‍රීරෝද රථ නොමිලේ සුසර කර දීමේ කඳවුරක් සහ ඉන්ධන කාර්යක්ෂමතාවය හා වායු දුෂණය පිළිබඳව දැනුවත් වීමේ වැඩසටහනක් කෑගල්ල නිදහස් මුල් කර ගනිමින් මැයි 31 දින (හෙට) උදෑසන 10 සිට පැවැත්වීමට නියමිතය. මෙහි සමාරම්භක උත්තසවය ගරු පාරිසරික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ වීමට නියමිතව ඇත. 

වායු තත්ත්ව  පරීක්ෂාවෙන්  පසු අදාළ වාහනවල ස්ටිකරයක් ඇලවීමට ද නියමිතව ඇත. . මෙම වැඩ සටහනට අමතරව ප්ලාස්ටික අපද්‍රවය විවෘතව පිළිස්සීම තුළින් සිදුවන වායු දූෂණය මගින් සෙ!ඛ්‍යට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමක් සිදු කෙරේ.   එමෙන් ම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් - වැල්ලමංකරාය වෙරළ - පුත්තලම මුල් කර ගනිමින් සිදු කෙරේ.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment