විහඟ ප්‍රේමය අගෝස්තු 07 තිරයට එක්වෙයි

ආදායම් වාර්තා බිඳහෙළූ  කලාත්මක හා වාණිජ ධාරාවේ චිත්‍රපට රැසකට සිය රංගන කෞශල්‍ය මුදාහල අතිශය දක්ෂ හා සම්මානනීය රංගන ශිල්පිනී සබීතා පෙරේරා වසර 11 කට  පසුව ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙන , සංජීව පුෂ්පකුමාර තිර රචනය ලියමින්  අධ්‍යක්‍ෂණය කළ  "විහඟ ප්‍රේමය" රිත්මා මණ්ඩලයේ බෙදා හැරීමක් ලෙසින් එළැඹෙන අගෝස්තු 07 වන දින සිට දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත. මෙය සංජීවගේ සිව්වන  සිනමා නිර්මාණය  වන අතර, මෙරට බිළිඳු දරුවන් විදේශිකයින් හට අලෙවි කිරීමේ කූට ජාවාරමක් වටා ගෙතී ඇති කතාවක් විහඟ ප්‍රේමයට පාදකව ඇත.

 සබීතා පෙරේරා සමගින් අකලංක ප්‍රභාශ්වර,  ඩිනාරා පුංචිහේවා, මහේන්ද්‍ර පෙරේරා, ළහිරු ප්‍රසාද්, අමිත්ත වීරසිංහ, ඩිස්නි  රාජපක්ෂ , මහීෂා නෙතාරා, නවීන් සෞම්‍යා, යසෝදා රසදුනි, දනුජි දිනන්යා සේමින්දි  ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා රංගන දායකවත්වය දක්වා ඇත.  කැමරාකරණයෙන් සිසිකිරණ පරණවිතාන, සහය අධ්‍යක්ෂණයෙන්  නිරෝෂන් එදිරිමාන්න, සංස්කරණයෙන් අජිත් රාමනායක සමගින්  ගුසෙපේ ලියෝනෙති, අංග රචනයෙන් විදුර අබේධීර , ගීත රචනයෙන් පුර්ණ ජයශ්‍රී , ගීත ගායනයෙන් අකලංක ප්‍රභාෂ්වර සමගින් නිරංජලා මංජරී , ගී තනු නිර්මාණයෙන් සහ සංගීත සංකලනයෙන් අජිත් කුමාරසිරි සමගින් නාමිනී පංචලා ,කලා අධ්‍යක්‍ෂණයෙන්  මංජුල අයගම එක් වී ඇති විහඟ ප්‍රේමය සංජීව පුෂ්ප කුමාර, කියාරා බාබෝ , අන්ද්‍රෙයා මැග්නානි එක්ව නිෂ්පාදනය කර ඇත .සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යසෝදරා, හා සංගීතා නිල් නදී ගොඩගම එක්වී සිටි

මාතලේ දිස්ත්‍රික් හොඳම සමාජ සේවා නිලධාරිනිය Read Previous

මාතලේ දිස්ත්‍රික් හොඳම සමාජ සේවා නිලධාරිනිය

සමටත් නිරහාරව ඉන්න දෙන්න Read Next

සමටත් නිරහාරව ඉන්න දෙන්න

Realted Post

Leave a comment