ශක්ති Crown මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය දා...............

මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ ගායක ගායිකාවන් රාශියක් හඳුන්වාදුන් ශක්ති ටීවී නාලිකාවේ මීලඟ රියලිටි පෙරළිය බවට පත්වී ඇත්තේ ශක්ති Crown  ය.

2024 මාර්තු මාසයේ ආරම්භ වී මාස 6ක් පුරාවට තරඟවට 6ක් පුරාවට දිගහැරුනු මෙම වැඩසටහනේ අවසාන මහා තරඟය පසුගියදා එනම් අගෝස්තු මස 24 වනදා රත්මලාන Stain  ස්ටූඩියෝ පරිශ්රයේදී පැවැත්විණි. ඒ සඳහා තරඟ කරුවන් 6ක් තේරීපත්ව සිටී අතර ඉන් ජයග්‍රහණය කර ඇත්තේ නුවර සිට පැමිණි ප්‍රණවි ය.


අවසන් තරඟයට තේරීපත්වූ තරඟකරුවන් ඔවුන්ගේම ගීතයන් අවසන් මහා තරගයේදී ගායනා කරන ලදි. මෙම ගීත ලෝකය පුරා විකාශනය කිරීම සඳහා, M Entertainment  ආයතනය සමඟ ශක්ති නාළිකාව ගිවිසුමක් අත්සන් කරන ලදි. මෙම ගිවිසුම්ගත කිරීම සැප්තැම්බර් මස 05 වනදා පෙරවරු 11ට රත්මලාන Stain  ස්ටූඩියෝ පරිශ්‍රයේදී පැවති මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව සිදුකරන ලදි.

  • නයනා උදයංගනී

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment