ශ්‍රී පාදස්ථාන භූමිය අපද්‍රව්‍යයන්ගෙන් තොර කලාපයක් කිරීමට යුද්ධ හමුදාව මූලිකත්වය ගනී

2025 දෙසැම්බර් මස 04 වන දින සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී පාද වන්දනාව මූලික කර ගනිමින් ශ්‍රී පාදස්ථාන භූමිය පොලිතින්/ප්ලාස්ටික් වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට, ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන අධියර දෙකක් යටතේ සිදු කරණු ලබන අතර, එහි ආරම්භක වැඩසටහන ශ්‍රී පාදස්ථාන උඩමළුව ආශ්‍රිත ප්‍රදේශයේ දී අද දින යුද්ධ හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.

මේ යටතේ, එළඹෙන ශ්‍රී පාද වන්දනා සමය ප්ලාස්ටික් වලින් තොර බැතිමතුන්ගේ පැමිණිමක් ඇති කිරීමට හා ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට ප්‍රථම පරිසරය යතාවත් කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ සිවිල් ප්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.

වැඩසටහනේ දෙවන අදියර එළඹෙන 29 දින ශ්‍රී පාදස්ථාන පිවිසුම් මාර්ග ආශ්‍රිත ප්‍රදේශයෙහි පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර Read Previous

සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර

සිනමාවේ ටෙලි තිරයේ මෙන්ම වේදිකාවේ ද අමරණීය මතක රැසක් දැයට තිළිණ කළ නිහාල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි. Read Next

සිනමාවේ ටෙලි තිරයේ මෙන්ම වේදිකාවේ ද අමරණීය මතක රැසක් දැයට තිළිණ කළ නිහාල් ප්‍රනාන්දු දිවි සැරිය නිම කරයි.

Realted Post

Leave a comment