ශ්‍රී පාද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් අවසන් කරයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, යුද්ධ හමුදා භට පිරිස් විසින් 2026 ජනවාරි මස 05 දින ශ්‍රී පාද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරන ලදී.

මෙම ව්‍යාපෘතිය 2025 දෙසැම්බර්  මස11 දින ආරම්භ කරන ලද අතර, සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය  “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ සපයන ලද අතර භට පිරිස් විසින් අඩි 300ක් දිග මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක් සහ ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම නිම කරන ලදී. තවද වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින්, මාර්ගය දිගයේ අත්වැල් සවි කිරීම සාර්ථකව නිම කරන ලදී. 

මෙම ඉදිකිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය සහයෝගය ලබා දුන්හ.

I lOVE YOU කියපු පමණින් ඒක ආදරේද ? Read Previous

I lOVE YOU කියපු පමණින් ඒක ආදරේද ?

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය. Read Next

යක්‍ෂයාගේ දෙවොලක්. හාස්කම් රැසක්. තවත් අලුත්ම යුගයක රහස් මතු වුණ ථූපාරාමය.

Realted Post

Leave a comment