ශෙහාන් කවීශා කැදැල්ලට පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා කවින්දි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ශෙහාන් ජයසූරිය දෙපලගේ කැදැල්ලට අලුත් සාමාජිකයෙක් මේ වන විට එකතු වෙලා. 

ශෙහාන් කවිශා කැදැල්ලට එකතු වූ පුංචි පුතුට ක්ලෙන් සෙනිත් ජයසුරිය ලෙසින් ලස්සන නමකුත් තියලා. මෙරට ජනප්‍රිය රනගන ශිල්පිණියක් වූ ඩිලානි අබේගුණවර්ධනගේ දියණිය වන කවිශා මෙරට සිනමාවට සිය දායකත්වය ලබා දුන් කලාකාරිනියක්. දීර්ඝ කාලීනව සිය දෙමවුපියන් සමඟ ඇමරිකාවේ ජිවත් වන ඇය මෙරටට විටින් විට පැමිණ කලා නිර්මාණ වලට සිය දායකත්වය ලබා දුන් තරුණියක්. 

උපාධිධාරිණියක් වන කවීශා, ගැබිණියක් වීමත් සමඟ කලා කටයුතු වලට මද විරාමයක් ලබා දුන් බවත්  පුතු වෙනුවෙන් කෙටි කාලයක් සිය කාලය වෙන් කරන්නට බලාපොරොත්තු වන බව අප සමඟ පැවසුවා. 

මව් පිය පදවිය ලැබූ කවීශා, ශෙහාන් දෙපලට අපේ සුභ පැතුම් !

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Next

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

Realted Post

Leave a comment