ශෙහාන් කවීශා කැදැල්ලට පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා කවින්දි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ශෙහාන් ජයසූරිය දෙපලගේ කැදැල්ලට අලුත් සාමාජිකයෙක් මේ වන විට එකතු වෙලා. 

ශෙහාන් කවිශා කැදැල්ලට එකතු වූ පුංචි පුතුට ක්ලෙන් සෙනිත් ජයසුරිය ලෙසින් ලස්සන නමකුත් තියලා. මෙරට ජනප්‍රිය රනගන ශිල්පිණියක් වූ ඩිලානි අබේගුණවර්ධනගේ දියණිය වන කවිශා මෙරට සිනමාවට සිය දායකත්වය ලබා දුන් කලාකාරිනියක්. දීර්ඝ කාලීනව සිය දෙමවුපියන් සමඟ ඇමරිකාවේ ජිවත් වන ඇය මෙරටට විටින් විට පැමිණ කලා නිර්මාණ වලට සිය දායකත්වය ලබා දුන් තරුණියක්. 

උපාධිධාරිණියක් වන කවීශා, ගැබිණියක් වීමත් සමඟ කලා කටයුතු වලට මද විරාමයක් ලබා දුන් බවත්  පුතු වෙනුවෙන් කෙටි කාලයක් සිය කාලය වෙන් කරන්නට බලාපොරොත්තු වන බව අප සමඟ පැවසුවා. 

මව් පිය පදවිය ලැබූ කවීශා, ශෙහාන් දෙපලට අපේ සුභ පැතුම් !

රියල් ෆීලින් එකත් එක්ක හැදෙන විරාජ් Read Previous

රියල් ෆීලින් එකත් එක්ක හැදෙන විරාජ්

නිව් ඇන්තනීස් ෆීඩ්ස් NCQP 2025 හිදී ද්විත්ව රන් පදක්කම් දිනා ගනී Read Next

නිව් ඇන්තනීස් ෆීඩ්ස් NCQP 2025 හිදී ද්විත්ව රන් පදක්කම් දිනා ගනී

Realted Post

Leave a comment