සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලුවලට විසඳුම්

ලෝකයේ ඕනෑම රටක සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හිමි විය යුතුයි
 
ජනපති
 
සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක් වෙමිනි.
 
කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම ගැටලු සියල්ලටම ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දෙන ලදී. 
 
විශේෂයෙන් අගය එකතු කළ බද්ද (VAT) ගෙවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කරනු ලැබීය. 
 
2025 වසරේදී සිනමාව කර්මාන්තයක් ලෙස ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගෙන ඇති බවත් එය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසත් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියහ. 
 
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර යන මහත්වරු රජය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූහ. 
 
සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් නියෝජනය කරමින් ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක, ජානකී විජේරත්න (Lyca Productions), ජනිත් ප්‍රසන්න විතානගේ (JP Ceneplex-Kandy), තුෂාන් රනගන මීමනගේ (LFD), රුවිඳු ගුණරත්න (EAP), අනුර ජසෙන්තුලියන (Lite Cinema), ඉම්තියාස් කාදර් (CEL), ගංගා රතුවිතාන (Ceylon Theaters)  සහ අනුෂ්ක එගොඩවත්ත (PVR) යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි Read Previous

පරිවර්තනීය වෙනසක් සඳහා ආකල්පමය හා සංස්කෘතික වශයෙන් දියුණු පුරවැසියෙකු බිහි කළ යුතුයි

කාලෙකට කලින් මුළු ලෝකෙම කතා වුණු ඒ වයිරල් පින්තූරයේ හිටපු අසරණ දරුවා මතකද? Read Next

කාලෙකට කලින් මුළු ලෝකෙම කතා වුණු ඒ වයිරල් පින්තූරයේ හිටපු අසරණ දරුවා මතකද?

Realted Post

Leave a comment