සියතින් එයත් ලස්සනයි

සොඳුරු තාරුණ්‍යයේ නිමල  හදවත් ප්‍රේමයෙන් විකසිත කළ ටෙලි  නිර්මාණ රැසක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක  සමූහයා වෙත    තිළිණ  කළ  ප්‍රවීණ නිර්මාණවේදී සාරංග මෙන්ඩිස් ඔහුගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය " එයත් ලස්සනයි " , යුගයේ ජනප්‍රියම නළු - නිළි තරු රැසක් පිරිවරා ගෙන  සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දිනයන් හී රාත්‍රි 7.30 ට සියත නාලිකාව තුළින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබයි .

ආදරේ කියන්නේ එක් බැල්මකින් පවා  දෙසිතක් එක්කිරීමට සමත් සොඳුරු ආකර්ෂණීය ගුප්ත බලවේගයක්. බාහිර ලස්සනට වඩා මනුෂ්‍යයෙකුගේ හෘද අභ්‍යන්තරයේ  ඇති අවංකකම ආදරය ,විශ්වාසය සහ කැපවීම කොතරම් වැදගත් ද යන්නත් ,ආදරය, මිත්‍රත්වය සහ බලාපොරොත්තු පිළිබදව අප විසින් ගනු ලබන වැරදි තීරණයන් නිසා ජීවිතය පුරාවටම බලපාන අභියෝගයන් හා  වේදනාවන් පිළිබඳව දිගහැරෙන තරුණ පරපුරේ විචිත්‍රවත් ආදර කතාවක් වන මෙහි, දසුනි සෙනෙත්මා, චතුරංග කොඩිතුවක්කු, ප්‍රියන්ත සෙනෙවිරත්න, මේධා ජයරත්න, රශි පබා සංධීපනී, අනුෂා දමයන්ති, රොෂාන් පිලපිටිය, සංගීතා බස්නායක, සහන් රන්වල, ධනංජි තාරුකා, රංගි රාජපක්ෂ,ඔෂාන් සොයිසා ඇතුළු යොවුන් හද දිනූ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වී ඇත . " එයත් ලස්සනයි " චාමිකා සිරිවර්ධන තිර රචනය ලියමින් නිෂ්පාදනය කර ඇති අතර ,   කැමරාකරණයෙන් සුමිත් කුමාරගේ,  සහය අධ්‍යක්ෂණයෙන් නිම්ෂාන් වීරක්කොඩි, සංස්කරණයෙන් ලහිරු හපුතන්ත්‍රී, සම  අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න ගුණතිලක, අංග රචනයෙන් මෙෂාන් හේවාපන්න,කලා අධ්‍යක්ෂණයෙන් රොෂාන් වර්ණකුලසූරිය  ඇතුළු තාක්ෂණික සහ රංගන ශිල්පීන් රැසක්   දායක වී සිටී.

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

කතරගම වාසනා ප්‍රධාන පෙරහරවලට පමණයි Read Next

කතරගම වාසනා ප්‍රධාන පෙරහරවලට පමණයි

Realted Post

Leave a comment