සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කරයි

මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශවරයාගේ නියෝගය පරිදි සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම, තුරඟ තරඟ මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, සූදු ආඥාපනත සහ කැසිනෝ ආඥාපනත ඉවත් කිරීම, ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණාවන් සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කොටගෙන මෙම පනත් කෙටුම්පත සකස් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් පසු සූදු ක්‍රීඩා නියාමන අධිකාරි පනත ලෙස හඳුන්වා දීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 21 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අධිකාරිය පිහිටුවීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සහශ්‍රිකා දයානන්ද 

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment