’අහසින් වැටෙයි’ 22 සිට...

සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල අහසින් වැටෙයි සිනමා පටය එළැඹෙන සැප්තැම්බර් 22 සිට PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරේ.මෙරට තැනූ නිධානය චිත්‍රපටයෙන් පසුව අන්තර්ජාතික වැනිස් සිනමා සම්මාන උළෙල නියෝජනය කරමින් රන්සිංහ සම්මානය සඳහා නිර්දේශ වූ එකම චිත්‍රපටය ද මෙය වන අතර, ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවැති ආසියානු සිනමා උළෙලේ හොඳම සිනමා කෘතියට හිමි නෙට්පැක් සම්මානය හිමිකර ගැනීමට ද මෙය සමත් විය.
       මෙයට පාදකව ඇත්තේ, පවතින අරගලයකට ඕපපාතිකව එක්වන එක්තරා තරුණයෙකු අරගලයේ බිහිසුණු හා උච්චතම අවස්ථාවකදී , එම අරගල භූමියේ රැදී සිටි චීන ජාතික තරුණියක් පැහැර ගෙන වෑන් රියකින් වනාන්තරයක් වෙත පලායාමත්, එහිදී පෙර ජනප්‍රවාදයක ආ කුමරෙකුගේ සැඟවුණු කතා පුවතකට සමාන අතිශයින්ම රුදුරු වූ අත් දැකීමකට ඔවුන් මුහුණ දෙන ආකාරයයි.
     මෙහි, තුසිත් ලක්නාත්, කෞෂල්‍යා ප්‍රනාන්දු , Huang Lu,  ස්ටීව් ඩිලා ද සිල්වා , ඩබ්ලිව්. ජයසිරි, ජෝ අබේවික්‍රම, සම්පත් ජයවීර, දසුන් පතිරණ, දේවි සකුන්තලා, නිනෝ අරලිය, දනුක දිල්ශාන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇති අතර, කැමරාකරණයෙන් චන්න දේශප්‍රිය, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් ලාල් හරින්ද්‍රනාත්, සංගීත සංයෝජනයෙන් ජෝශප් ඩී සේරම්, සහය අධ්‍යක්ෂණයෙන් අශෝක ආතාවුදහෙට්ටි සමගින් ලක්රුවන් විතානගේ ද , නිෂ්පාදන කළමණාකරණයෙන් දීපාල් ගුණරත්න ද එක්ව ඇති අහසින් වැටෙයි නිෂ්පාදනය සඳහා චන්දන අළුත්ගේ සමගින් අනුර සිල්වා එක්ව ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන් Read Previous

වාර්තා පිට වාර්තා තබමින් මේ දශකයේ අතිශය ජනප්‍රිය වූ ස්කුයිඩ් ගේම් අවසන්

රැකවරණයේ උතුම් සෙනෙහස - ඇයගේ සුන්දරත්වය බලන්නකෝ Read Next

රැකවරණයේ උතුම් සෙනෙහස - ඇයගේ සුන්දරත්වය බලන්නකෝ

Realted Post

Leave a comment