’’මාරියා ’’ නොවැම්බර් 21 තිරය කැළඹීමට සූදානම්

මෙරට  සිංහල සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ සයුරේදී සම්පූර්ණ රූපගත කිරීම්  නිමකළ   සිනමා නිර්මාණය ලෙස ,  සිනමා වංශ කතාවට එක්වන , ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි  නාට්‍ය අධ්‍යක්ෂ   අරුණ  ජයවර්ධන විසින් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ ,     "මාරියා"  චිත්‍රපටය  එළැඹෙන නොවැම්බර් 21 වන දින සිට තිරගත වීමට නියමිතව ඇත . අන්තර්ජාතික සිනමා සම්මාන  උළෙලයන් රැසක් නියෝජනය කරමින් ඇගයීමට හා සම්මානයට පාත්‍ර වූ " මාරියා" ,  සම්මානනීය විශිෂ්ඨ රංගන ශිල්පීන් වූ  මහේන්ද්‍ර පෙරේරා ,හේමාල් රණසිංහ ,  අශාන් ඩයස් , දර්ශන් ධර්මරාජ්,  ප්‍රියන්ත සිරි කුමාර , දසුන් පතිරණ සහ සුරන් දසනායක  ගේ  රංගනයෙන්  ඔපවත් වී ඇත . මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ     කිසිදු රංගන ශිල්පිනියක් මේ සඳහා දායකව නොමැතිවීමයි.

  ධීවර කර්මාන්තයේ නියැළෙන , ධීවරයන් පිරිසක් මුහුණ දුන් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් , බහුදින ධීවර යාත්‍රාවක් තුළ ,පුරා මසකට අධික කාලයක් ඉමක් නොපෙනෙන  මහ සයුරේ  සියළු රූපගත කිරීම් සිදු කළ " මාරියා"  චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන්  චන්න දේශප්‍රිය ,  දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස් , සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා , සහය අධ්‍යක්ෂණයෙන්  දමින්ද මඩවල , වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි , සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි , ගීතනු නිර්මාණයෙන් මංගල ගලප්පත්ති , ගීත ගායනයෙන් බිමල් ජයකොඩි , මහේන්ද්‍ර පෙරේරා , හේමාල්  රණසිංහ, අසාන් ඩයස්, දර්ශන්  ධර්මරාජ්,   ප්‍රියන්ත සිරිකුමාර , දසුන් පතිරණ සහ සුරන් දස නායක ද ,  ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන , කලා අධ්‍යක්ෂණයෙන් සහ ඇඳුම් නිර්මාණයෙන්  සුනිල් ප්‍රේමරත්න , අංග රචනයෙන්  ප්‍රියංක තිලක් රත්නායක , නිෂ්පාදන කළමනාකරණයෙන් ගිහාන් පෙරේරා එක්ව ඇති " මාරියා" ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වෙයි.

ඇන්ටන් . ජේ . ප්‍රනාන්දු

ඊමානියා අරාබි විදුහලේ මවුලවිවරු උපාධි උත්සවය Read Previous

ඊමානියා අරාබි විදුහලේ මවුලවිවරු උපාධි උත්සවය

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න Read Next

දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගන්න අද රාත්‍රී 10ට පෙර පෝළිමට එකතු වෙන්න

Realted Post

Leave a comment