’’ මාත්‍රා’’ සිව් වසරක විරාමයට පසු යළිත් දේශීය නර්තන වේදිකාවට...!

2008 වසරේ සිට දැවැන්තම මෙරට පාසල් නර්තන ප්රාසාංගික අත්දැකීම බවට පත් වූ ලයිසියම් ජාත්යන්තර පාසල් සමූහය ඉදිරිපත් කරන, "මාත්රා" දේශීය නර්තන ප්රසංගය එළඹෙන ඔක්තෝබර් මස 14 වන සෙනසුරාදා ප.ව 4.02 ට සහ 6.58 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී වේදිකා ගත වේ.

ඒ පසුගිය සිව් වසර තුළ ඇති වූ කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ අනපේක්ෂිත වාතාවරණයන්ගෙන් වූ විරාමයට පසුවය. සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය රසික කොතලාවල මහතාගේ සංකල්පයකට අනුව ලයිසියම් ජාත්යන්තර පාසල් සමූහයේ නිර්මාතෘ ආචාර්ය මොහාන් ලාල් ග්රේරු මහතාගේ සහ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්රේරු මහත්මියගේ මග පෙන්වීමෙන් වසර 11ක් තුළ "මාත්රා" මෙරට පාසල් නර්තන වංශකතාව අලුත් කරමින් පැමිණ අතර මෙවර "මාත්රා 12", නිශා කොතලාවල මහත්මියගේ උපදේශකත්වයෙන්, ලයිසියම් ජාත්යන්තර පාසල් සමූහයේ නර්තන ආචාර්ය මණ්ඩලයේ 65 දෙනෙකුගේ මෙහෙයවීමෙන් සහ පාසල් නර්තන ශිල්පීන් 700කට අධික සංඛ්යාවකගේ නිර්මාණ දායකත්වයෙන් එළි දැවීමට නියමිතය.

"මාත්රා" ආගමනය පිළිබඳව රසික කොතලාවල මහතා ප්රකාශ කර සිටින්නේ "මෙරට ජාත්යන්තර පාසල් අධ්යාපන තුළ දේශීයත්ව හා සංස්කෘතික හර පද්ධතිය අමතක නොකළ පාසලක් ලෙස ලයිසියම් තබා ඇති විශ්වාසය තහවුරු කරන සාධකයක් බවට "මාත්රා" පත්ව ඇතැයි ද, එය ජාත්යන්තර පාසල් නර්තන කලාවේ චින්තන විප්ලවයකට පෙරමග කියා දීමට සමත්වීම පිළිබඳව නිහතමානීව සතුටු වන බව" ය. එකොළොස් වසක "මාත්රා" ගමනේ දී දහවන "මාත්රා" ප්රසංගයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ එවක ජනාධිපතිතුමන්, මාත්රා නර්තන ප්රසංගයේ ඩී.වී.ඩී රජයේ පාසල් සඳහා ලබාදීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන ලද්දේ ජාත්යන්තර පාසලක් ලෙස ලයිසියම් සිසු නර්තන ශිල්පීන් දැක්වු දක්ෂතා මට්ටම දක්වා අනෙකුත් දරුවන් ද ගෙන ඒමේ අවශ්යතාව පෙන්නුම් කරමිනි.

සිව් වසරක විරාමයකට පසු 12 වන වරට යළි එළි දකින මාත්රා ප්රසංගය සඳහා ලයිසියම් ජාත්යන්තර පාසල් සමූහයට අනුබද්ධිත නුගේගොඩ, පාණදුර, වත්තල, රත්නපුර, ගම්පහ, නුවරඑළිය, අනුරාධපුර සහ කුරුණෑගල පාසල් සිසුන් ඉදිරිපත් වන අතර දේශීය නර්තනයේ රිද්මය හා ජීව ගුණය ඉස්මතු කළ නැවුම් ප්රාසාංගික අත්දැකීමක් මෙරට නර්තන වේදිකාවට ගෙන ඒමට තමුන් සූදානම් බව ලයිසියම් ජාත්යන්තර පාසල් කළමනාකාරීත්වය "මාත්රා " දොලොස්වන වේදිකා සම්ප්රාප්තිය පිළිබඳව ප්රකාශ කර සිටී.

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන Read Previous

බුද්ධ දේශනාවේ පවා සදහන් වූ කළු කුහරයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සොයාගෙන

රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ? Read Next

රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ?

Realted Post

Leave a comment