“ අධිකරණ පියස” කඩිනම් කරන්න

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ඉදි කිරීම් ව්‍යාපෘතීන් වන  අධිකරණ පියස  ව්‍යාපෘතියෙහි ගොඩනැගිලි දෙකක සහ අධිකරණ සංකීර්ණ  හතරක ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත අධිකරණ අමාත්‍යාංශ ගොඩනැඟිල්ල, මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, ගාල්ල අධිකරණ සංකීර්ණය, පූගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, මාතලේ අධිකරණ සංකීර්ණය සහ කන්තලේ අධිකරණ සංකීර්ණය  ඉදි කිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අධිකරණ පියස ව්‍යාපෘතිය, අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම්වල ප්‍රගතිය සහ අධිකරණ යටිතල පහසුකම් සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන වියදම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විණි.

කොළඹ, අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට නියමිත අධිකරණ අමාත්‍යාංශ ගොඩනැඟිල්ලෙහි පළමු අදියර සඳහා රුපියල් මිලියන 3500 ක්, අධිකරණ නිවහන ව්‍යාපෘතියෙහි මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලෙහි පලමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 4519 ක්, මාතලේ අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා රුපියල් මිලියන 599 ක්, ගාල්ල අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සදහා රුපියල් මිලියන 1686 ක්, පූගොඩ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 882 ක් සහ කන්තලේ අධිකරණ සංකීර්ණය ඉදි කිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 244 ක මුදලක් වෙන් කර තිබේ.

මහල් තුනකින් සමන්විත පූගොඩ අධිකරණ සංකීර්ණය දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල සහ සෙසු පහසුකම්වලින් සමන්විතව ඉදි කිරීමට නියමිත අතර මෙම වසර තුළ එහි වැඩ අවසන් කිරීමට නියමිතව තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නියෝජනය කරමින්  උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර Read Next

යාපහුව රාජධානියේ ඉපැරණි බලකොටුව ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර

Realted Post

Leave a comment