1955 මිස් සිලෝන්ගේ නික්ම යාම

1955 මිස් යුනිවර්ස් ඉසව්වේ දෙවන අනුශූරතාවය මෙන් ම එම වසරේ දී ම මිස් සිලෝන් ලෙස කිරුළු පැළඳි මොරීන් නිලීයා හින්ගර්ට් අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඇය 88 වැනි වියේ පසු වූවා ය. 

1937 ජනවාරි මස 09 වැනි දින කොළඹ දී උපත ලද මැයගේ දෙමව්පියන් වන ලයනල් හින්ගර්ට් සහ ලෝර්නා මේබල් ලන්දේසි බර්ගර් පරම්පරාවෙන් පැවත එන්නන් වූහ. 

මිස් යුනිවර්ස් තරඟයක දී සම්මානයක් දිනාගත් එකම ලාංකික නියෝජිතයා වන්නේ ද මැයයි. වෘත්තීමය වශයෙන් ඇය ප්‍රකටව සිටියේ " ජනා ඩාවි " ලෙසයි. 

මොරීන් හින්ගර්ට් හට හොලිවුඩයට දොරටු විවෘත වන්නේ ඇය ලැබූ රූ කිරුළත් සමඟයි. ඒ අනුව 1958 දී Gun Fever නම් හොලිවුඩ් චිත්‍රපටයට ඇය පළමු රංගනයෙන් දායක විය.

එමෙන් ම ඇය බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවලට ද රංගනයෙන් දායක වූවාය. මොරීන් හින්ගර්ට් දියණියන් තිදෙනෙකුගේ මවක් වූ අතර සිය දියණියක පිළිකා රෝගයෙන් මිය යාමත් සමඟ ඇය මාධ්‍යයෙන් දුරස්ව හුදකලා ජීවිතයක් ගෙවූ බව ජනප්‍රිය නිළි ඇන්ජලා සෙනෙවිරත්න තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කරයි.

සටහන - සහශ්‍රිකා දයානන්ද

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Previous

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ Read Next

වැළිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහනක් ඇරඹේ

Realted Post

Leave a comment