2025 වසරේ මාර්ග අනතුරු වලින් 2700ක් මරුට

2025  වසරේ මාර්ග අනතුරු වලින්  2700 ක් ,මරුට - ප්‍රවාහණ මහා මාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල්  කියයි... 

කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහණ සේවාවේ නිරත රියදුරන්  60%  ක්  ,පමණ බරපතළ ලෙස විවිධ මත් ද්‍රව්‍ය  භාවිතයට ඇබ්ඉැහි වී ඇතැයි  ,ප්‍රවාහණ  මහා මාර්ග සහ  නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී   ප්‍රකාශ කළේය.

එහිදී  වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය  බිමල් රත්නායක මහතා මෙසේද  කීය ,
2025  වසරේ රිය අනතුරු වලින් පුද්ගලයන්  2700  ක් මියගොස්  තිබෙනවා. රිය  අනතුරු  2700 ක්, සිදුවී තිබෙනවා.  මෙම අනතුරු වලින් මියගිය   අය  පදිකයන් ,එම  සංඛ්‍යාව  2000  ක් , වනවා ,යතුරු පැදි ධාවකයන් මෙන්ම යතුරු පැදි වල , පිටුපස ගමන් කල අය   700  ක්  පමණ මියගොස් තිබෙනවා , මෙලෙස මියගිය අයගෙන්  53 %  ක් පිරිමි. මෙම අනතුරු වලට සෘජුව වගකිව යුත්තේ රියදුරන් බව පරීක්ෂණ  වලදී අනාවරණය වී තිබෙනවා.


මින් ඉදිරියට බීමත් රියදුරන් මෙන්ම විවිධ මත් ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන රියදුරන් අඛණ්ඩව   මහමගදී  පරීක්ෂා නරන බවත් , චණ්ඩිකම් දමමින් මින් ඉදිරියට කිසිම රියදුරෙකුට වැඩ කරන්නට ඉඩ නොදෙන  බවත් , ,අමාත්‍ය  බිමල් රත්නායක මහතා  මෙහිදී කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අභයකෝන් , මහනුවර පුරපති  චන්ද්‍රසිරි විජේනායක ,ප්‍රවාහණ මහා මාර්ග නියෝජ්‍යඅමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක යන මහත්වරු ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

ජේ ඒ එල්  ජයසිංහ

වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න.. Read Previous

වැඩි වෙන රස්නෙන් ආරක්ෂා වෙන්න..

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Next

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

Realted Post

Leave a comment