2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර දී

2026 ජාත්‍යන්තර කාන්තා දිනය සුපුරුදු ලෙස මෙම වර්ෂයේ දී ද මාර්තු 08 වන දිනට යෙදී තිබේ. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර කාන්තා දින ගෝළීය තේමාව ලෙස “Rights. Justice. Action. For ALL Women and Girls” (සියලු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට: අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය) යන්න ගෝළීය තේමාව ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. 
මෙම ජාත්‍යන්තර සැමරුමට සමගාමීව මෙරට ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාව සහ මාතර වෙරළ උද්‍යාන පරිශ්‍රයන් හි දී  පැවැත්වීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සැළසුම් විසින් කර ඇත.
2026 ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමේ ප්‍රධාන අරමුණ වන්නේ කාන්තාවන් සතු සමාජීය, දේශපාලනික සහ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කරමින් ඔවුන්ව වඩාත් සක්‍රීය ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමයි. 
විශේෂයෙන්ම කොළඹින් බැහැරව මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම හරහා ග්‍රාමීය කාන්තා ව්‍යවසායිකාවන්ට නව වෙළඳපොළ අවස්ථා උදාකර දීම, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට අවශ්‍ය දැනුවත්භාවය ලබා දීම සහ සමාජයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ කාන්තාවන් ඇගයීම අපේක්ෂා කෙරේ.
ජාතික තේමාව, නිල ලාංඡනය සහ වැඩසටහන් සැළැස්ම ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

මාෂ් හුනී Read Previous

මාෂ් හුනී

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Next

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

Realted Post

Leave a comment