CJ අවුරුදු කුමරා කුමරිය තරගාවලිය 2023 ඇරඹෙයි

 

CJ රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය 2023 තරගාවලියේ අවසාන මහා තරගය සඳහා තේරීම් තරග තලවතුගොඩ මොනාර්ච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.


මෙම තේරීම් තරග සඳහා තරගකරුවෝ 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් අතරින් තිස් එක්දෙනකු අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇත. 


මෙවර තරගය විනිශ්චය කිරීම සඳහා කලා ක්ෂේත්‍රය, රූපලාවන්‍ය, ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයින් වන ඉන්දුමාලා රාජපක්ෂ, ආශා බස්නායක, ඉෂාර මධුෂාන්, වෛද්‍ය චෙරි, සන්දේශ් බණ්ඩාර, හේෂානි ලියදපිට, නිලූෂි පවන්‍යා, මනෝ උපදේශක හසින්ත සේවාවසම්, පියුමි හංසමාලි, මාෂි සිරිවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.


ප්‍රධාන මුද්‍රිත අනුග්‍රහය සිරිකත පුවත්පත මෙහෙයවන මෙම තරඟාවලියේ අවසාන මහා තරගය අප්‍රේල් 05 වැනි දා තලවතුගොඩ මොනාර්ච් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙම තරගාවලිය සංවිධාන කරයි. 

ඡායාරූප සහ සටහන - 
රුෂිරු කොළඹතන්ත්‍රි


 

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment