The Lake කරළියට

කුඩා කල ළමා අපචාර සිදුවීම් මාලාවකට මුහුණ දීම හේතුවෙන් මානසික බිඳවැටීමකට ලක් වූ තේ වතු හිමියෙකු පසුබිම්කරගත් The Lake ටෙලිනාට්‍ය ජුනි මස 15 වනදා සිට සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8.30ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙයි. 

ධනුෂ්ක රේමන්ගේ අධ්‍යක්ෂණයක් වූ, රසික සුරවීරආරච්චිගේ තිර රචනයෙන් සහ සෙමිනේ ඉදමල්ගොඩ, අතුළ ඉද්ද මල්ගොඩගේ නිෂ්පාදනයෙන් මෙම නාට්‍ය කරළියට පැමිණීමට නියමිතයි. 

බරපතල මනෝ ව්‍යාධියකට ලක්ව සිටින පුද්ගලයෙකු සිය මනෝභාවයන් පරාජයව් කිරීම සඳහා සිදු කරන අපරාධකාරී ගතික ක්‍රියාකාරකම්වල ස්වභාවයන් මේ තුළ ත්‍රාසජනක රසයක් ජනනය වන පරිදි සංවාදයට බඳුන් කිරීම මෙම නාට්‍ය නිර්මාණය කිරීමේ අරමුණ වී තිබෙනවා.

 

සටහන - කසුනි විජේසිංහ 

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment